XDA-Developers වෙබ් අඩවිය විසින් පසුගිය ඔක්තොම්බර් මාසයේදී Netflix Android app එක භාවිතා කරන්නන් සඳහා audio-only විශේෂාංගයක් නිකුත් කිරීම සුඳානම් වන බවට කරුණු අනාවරණය කරගෙන තිබුණා.

Netflix for Android might soon add the background audio feature
In the Netflix for Android app version 7.79.1, we have found evidence the app is preparing to add the background audio feature. Check it out!

Netflix ආයතනය විසින් මෙම විශේෂාංගය නිළ වශයෙන් නිකුත් කිරීමට පෙර තෝරාගත් පරීශිලකයන් හට මෙය භාවිතයට ගැනීමට හැකියාව ලබාදී තිබෙන බව වාර්ථා වන අතර එය version 7.84.1 build 28 35243 සමඟ නිකුත් කර ඇති බව Android Police වෙබ් අඩවිය විසින් වාර්ථා කර තිබෙනවා.

මෙම නව විශේෂාංගය ඔබට ලබා ගත හැකි වූ විට, වීඩියෝවක් full screen එකේ ඇති විට ඔබට නව “Video off" නම් වූ විශේෂ button එකක් දැකගත හැකිවනු ඇති අතර එය සක්‍රීය කිරීමෙන් video එක නොමැතිව අදාල show එකේ audio එකට පමණක් සවන්දීමට Netflix පරිශීලකයින් හට අවස්ථාව ලැබෙනවා.

Audio-only mode එක ඔබට භාවිතයට ගැනීමේ හැකියාව ලැබීමට තවත් ටික කාලයක් ගතවනු ඇති බව අනුමාන කළ හැකි අතර ඔබගේ Netflix app එක නිතරම latest version එකට update කිරීම හරහා මේ පහසුකම ඉදිරි දිනකදී ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

එසේ නොමැති නම් APK Mirror වෙබ් අඩවිය හරහා මීට අදාල APK එක download කර install කර බැලීමට ද හැකියාව පවතිනවා.

Netflix - Apps on Google Play
Looking for the most talked about TV shows and movies from the around the world? They’re all on Netflix. We’ve got award-winning series, movies, documentaries, and stand-up specials. And with the mobile app, you get Netflix while you travel, commute, or just take a break. What you’ll love about Ne…
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.