ඉන්දියාව මූලික කරගෙන Instagram සඳහා 2MB වැනි ඉතාම අඩු size එකකින් යුතු Lite app එකක් හඳුන්වාදීමට Facebook සමාගම කටයුතු කර ඇති අතර, එය අඩු බලයකින් යුත් ජංගම දුරකථන වලට සරිලන ආකාරයට නිර්මාණය කර තිබෙනවා.

Facebook, Messenger, Twitter වැනි සේවාවන් සඳහා මේ වන විටත් Lite apps නිර්මාණය වී තිබෙන අතර, ඒ අනුව මෙම Lite app පවුලට එකතු වන නවතම සාමාජිකයා බවට මෙම Instagram Lite app එක පත් වෙනු ඇති.

ප්‍රධාන Instagram app එකේ තිබෙන Reels, Shopping හා IGTV වැනි අංග මෙම Lite app එකෙන් ඉවත් කර තිබෙන අතර, smooth හා fast experience එකක් ලබාදීම සඳහා මෙලෙස මෙම අංග ඉවත් කර තිබෙනවා.

දැනට ඉන්දියාවට පමණක් සීමා වී තිබෙන මෙම Instagram Lite app එක, ඉන්දියාව තුළ Bangla, Gujarati, Hindi, Kannada, Malayalam, Marathi, Punjabi, Tamil හා Telugu යන භාෂා රැසකට සහය දක්වන බවද Facebook සමාගම සඳහන් කර සිටිනවා.

Instagram Lite app එක මුලින්ම ඉන්දියාවට ලබා දීම පුදුමයට කරුණක් නොවන අතර 2020 නොවැම්බර් මාසයට අදාල Statista (වෙළඳපල සහ පාරිභෝගික දත්ත පිළිබඳ විශ්ලේෂණය කරන ජර්මානු සමාගමකි) වාර්තාවකට අනුව, දකුණු ආසියාවේ වැඩිම Facebook භාවිතා කරන්නන් සිටින රට බවට ඉන්දියාව පත්වී තිබෙන අතර එම සංඛ්‍යාව මිලියන 310 කට වඩා වැඩි වෙනවා.

Instagram Lite - Apps on Google Play
Instagram Lite makes it easier to bring you closer to the people and things you love. The Instagram Lite app is small, fast and works on all networks. Enjoy the best features of INSTA like connecting with friends, sharing what you’re up to, or seeing what’s new from others all over the world. Explo…

මේ නිසා Facebook සමාගම පවසන්නේ ඉන්දියාව තුළ අත්හදා බැලීම් සිදු කර අනතුරුව එය වෙනත් රටවල් වලට ද ලබාදීමට කටයුතු කරමින් සිටින බව වන අතර  අවශ්‍ය අයෙකුට එය APK එක ඔස්සේ install කර ගැනීමටද හැකියාව තිබෙනවා.

Instagram හි Lite app එකක් මීට පෙරද හඳුන්වාදීමට Facebook සමාගම කටයුතු කළ ද විවිධ ගැටළු හේතුවෙන් එය පසුව ඉවත් කරනු ලැබු අතර, මෙම මස මුලදී Play Store වෙත එකතු කරනු ලැබූ මෙම අලුත් Instagram Lite App එක මේ වන විට downloads මිලියන 5 ඉක්මවා තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.