Multi Theft Auto San Andreas එහෙමත් නැත්නම් MTA San Andreas කියන්නේ මේ වන විට ලොව පුරාම ඉතාමත් ප්‍රසිද්ධ multiplayer video game එකක්.

ශ්‍රී ලංකාවේ මේ game එක ගැන කතා කරන විට OnlineLK team එක ගැන බොහෝ දෙනෙකු මේ වන විටත් දැනුවත්  වන අතර මොවුන් 2011 සිට මේ දක්වා MTA SA game එක ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් හට සමීප කිරීම සදහා බොහෝ කටයුතු කළ පිරිසක්.

පසුගිය දින වල රට තුළ පැවති අවාසනාවන්ත තත්ත්වයත් සමග අපිට වෙනදා වගේ වෙසක් උත්සවය සැමරීම ටිකක් විතර අවධානම් සහගත කටයුත්තක් බවට පත් වෙලා තියනවා. මේ නිසාම OnlineLK Team එක විසින් අපේ රටේ තරුණ පිරිසට මෙවර වෙසක් උත්සවය සමරන්න අලුත් ම විදියක් ලෑස්ති කර තිබෙනවා.

ඒ තමයි ඔවුන්ගේ online වෙසක් කලාපය. මෙම වෙසක් කලාපය පසුගිය වසරේදී ද අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබූ අතර මෙවර ද නව අංග රැසක් සමගින් එය ඔබ වෙත ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

රුවන්වැලි සෑ ආකෘතියක්, වෙසක් තොරණක්, දන්සලක් වගේ අංග රැසක් සමඟින්, මෙවර වෙසක් උත්සවය ගෙදර ඉඳන් ම සමරන්න අවස්ථාව සලසා දී තිබෙන අතර රුවන්වැලි සෑය වදින්න, වෙසක් අසිරිය විඳගන්න වගේම අලුත් මිතුරන් හඳුනගන්නත් මේක හොඳ අවස්ථාවක් වෙනවා.

මීට අමතරව OnlineLK Team එක ඔවුන්ගේ server එකේ වෙසක් බලන්න එන අයට විශේෂ තෑගි කිහිපයක් ද ලෑස්ති කර තිබෙන බව දැනගන්නට ලැබෙන අතර මේ ගැන උනන්දුවක් තිබෙනවා නම් OnlineLK server එකට ගිහින් වෙසක් සමරන්න ඔබටත් අවස්ථාව තිබෙනවා.

මේ සදහා පහත link එක හරහා San Andreas game එක download කරගෙන ඔබගේ PC එකේ ස්ථාපනය කළ යුතු වන අතර ඊට අමතරව MTA Client Application එක ද install කරගත යුතු වෙනවා.

මේ Game එක සහ Supporting software එක install කළ පසුව පහත server address එක ඇතුලත් කර OnlineLK MTA San Andreas Freeroam Server එකට connect වෙලා ඔයාටත් MTA Online වෙසක් අසිරිය විඳගන්න අවස්ථාව ලැබෙනවා.

Server Address: mtasa://mta.onlinelk.net:22003

Game එක install කිරීම හෝ මේ පිළිබඳව යම්කිසි ගැටළුවක් ඇත්නම් Messenger සේවාව හරහා ඔවුන්ව සම්බන්ධ කරගැනීමේ හැකියාව ද පවතිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා SLMTA Facebook Fan page එක සහ SLMTA Facebook Group එක භාවිතා කළ හැක.