ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි සඳහා Cyber attack මාලාවක් එල්ලවීමේ අවධානමක් ඇති බව ඊයේ දිනයේ TechCERT ආයතනය විසින් නිවේදනයක් නිකුත් කර තිබුණු අතර මේ වන විට එය සත්‍යයක් කරමින් වෙබ් අඩවි ගණනාවකට මෙලෙස hacking ප්‍රහාර එල්ල වී තිබෙනවා.

මේ ප්‍රහාර වලට හේතුව ‍පිළිබඳව නිළ තොරතුරක් තවමත් වාර්ථා නොවන අතර දේශපාලනික හේතූන් මෙයට බළපානු ඇති බව TechCERT ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

Series of Cyber Attacks Targeting Sri Lankan Websites A group of hackers is currently launching a series of cyber...

Posted by Tech CERT on Friday, May 17, 2019

රාජ්‍යය ආයතන, විශ්ව විද්‍යයාල හා පෞද්ගලික ආයතන ද ඇතුළුව පහත සඳහන් වෙබ් අඩවි මේ ආකාරයෙන් hacking ප්‍රහාර වලට ලක් වී තිබෙන බව සනාථ වී ඇති අතර තම තමන්ගේ වෙබ් අඩවි වල ආරක්ෂිත උපක්‍රම තර කරන ලෙස TechCERT ආයතනය උපදෙස් ලබා දී තිබෙනවා.

මීට අමතරව ඔබගේ වෙබ් අඩවියට Wordpress, Joomla වැනි CMS එකක් භාවිතා කරන්නේ නම්, ප්‍රධාන CMS එක සහ භාවිතා කරන සියළුම plugins ඒවායේ අලුත්ම සංස්කරණ වලට update කිරීමෙන් මෙම අවධානම බොහෝ දුරට අවම කරගත හැකි වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Tech CERT ආයතනය සහ NewsFirst වෙබ් අඩවිය භාවිතා කළ හැක.