Firefox Monitor කියන පහසුකම ගැන මේ වෙනකොටත් ඔයාලා අහලා ඇති. අපි නිතරම වගේ මතක් කරන Have I Been Pwned වෙබ් අඩවියේ දත්ත පදනම් කරගෙන ඔයාගේ email address එක සහ password අන්තර්ජාලය මතදී hack වෙලා තියනවා ද කියලා බලාගන්න පුළුවන් විදිහේ සේවාවක්.

ඉතින් ඔන්න දැන්, Mozilla සමාගම විසින් ඔවුන්ගේ Firefox Quantum web browser එකට මේ Firefox Monitor සේවාව අන්තර්ගත කරමින් අලුත් පහසුකමක් එකතු කිරීමට කටයුතු කරලා තියනවා.

මේ අලුත් පහසුකම හරහා, මෑතකදී hacking ප්‍රහාරයකට ලක් වෙලා දත්ත පිටවුණු වෙබ් අඩවියකට පරිශීලකයා පිවිසුනහොත්, notification එකක් මගින් ඒ බව දැනුවත් කිරීමට ඔවුන් ක්‍රියා කරනවා.

මේ අනුව ගතවූ මාස 12ක කාලය ඇතුලතදී hack වීමකට ලක් වූ වෙබ් අඩවියකට Firefox පරිශීලකයෙකු පිවිසුනහොත් අදාල දත්ත පිටවීම පිළබඳව තොරතුරු මෙලෙස notification එකක් ආධාරයෙන් පෙන්වීමට කටයුතු කරන අතර, මේ notification එක, එක වෙබ් අඩවියකට එක් වරක් පමණක් පෙන්වන ලෙස සකසා තිබෙනවා.

මීට අමතරව ඔවුන්ගේ Firefox Monitor සේවාවට තවත් භාශා 26ක් එකතු කිරීමටත් කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Firefox Blog එක හා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.