Google Pixel 3 ජංගම දුරකථනය පිළිබඳ තොරතුරු එය නිළ වශයෙන් නිකුත් කරන්නට බොහෝ කාලයකට පෙර සිටම ලෝකයා දැනගත් හැටි ඔබට මතක ඇති.

ඔන්න දැන්, Google සමාගම විසින් එළිදැක්වීමට නියමිත budget phone එකක් ගැන මේ ආකාරයෙන්ම තොරතුරු වාර්ථා වෙනවා. මේ device එක Google Pixel 3 Lite යන නමින් හැඳින්වෙන අතර රුසියාන tech blog එකක් වන Rozetked විසින් මේ තොරතුරු එළිදක්වා තිබෙනවා.

ඔවුන් ප්‍රකාශ කරන අන්දමට මේ අලුත් ජංගම දුරකථනය Qualcomm Snapdragon 670 chipset එකකින් බළගැන්වෙන අතර 4GB RAM එකක් සහ 32GB Storage එකක් ද මෙයට අන්තර්ගත වෙනවා. එමෙන්ම mega-pixel 12 ක rear camera එකක් සහ 2,915mAh ප්‍රමාණයේ battery එකකින් ද මෙය සමන්විත වෙනවා.

මේ අලුත් phone එකට 3.5mm headphone jack එකකුත් එකතු කිරීමට Google සමාගම කටයුතු කර ඇති බව පෙනෙන්නට තිබෙන අතර මෙය අඟල් 5.56ක, 2220 x 1080 resolution එකකින් යුතු IPS display එකකින් ද සමන්විත වෙනවා.

මේ images දෙස හොඳින් බැලුවහොත් ඔබට පෙනේවි එහි Google logo එක G නොව C යනුවෙන් සඳහන් වෙන බව. ඉතින් මෙය fake news එකක් වීමේ ප්‍රවණතාවයකුත් නැතුවාම නොවේ.

කොහොම වුණත් තවමත් මෙය කටකතාවක් පමණක් වන අතර Google සමාගම විසින් මේ පිළිබඳව නිළ වශයෙන් තොරතුරු සඳහන් කිරීමක් සිදු කර ඇති බවක් දැනගන්නට නොලැබුණත්, Google ARCore එකේ calibration database එකේ මේ ගැන සඳහන් වීමක් සිදුව ඇති බව දැනගන්නට ලැබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Rozetked blog එක භාවිතා කළ හැක.