ජනප්‍රිය ad-blocker එකක් වන AdGuard එකට පසුගිය 20 වැනිදා එනම් සැප්තැම්බර් 20 වැනි දින එල්ල වූ hacker ප්‍රහාර හේතුවෙන් සියළුම AdGuard ගිණුම් වල passwords reset කිරීමට එම සමාගම තීරණය කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

විවිධ අවස්ථා වලදී වෙනත් සේවාවන් ඔස්සේ පිටවූ user data භාවිතා කරමින් ලොව පුරා පිහිටුවා ඇති AdGuard servers වලට එල්ල කරන ලද මෙම cyber ප්‍රහාරය හමුවේ bruteforce කිරීමට තිබූ ප්‍රවණතාවය අඩු කරදැමීමට ඔවුන් සමත් වී තිබෙනවා.

කොහොම නමුත් ‍වලංගු username හා password තිබූ ගිණුම් වලට පිවිසීම ඒ මගින් නතර කිරීමට ඔවුන්ට හැකියාවක් නොලැබී තිබුණු නිසාවෙන් සියළුම ගිණුම් වල passwords reset කිරීමට ඔවුන් කටයුතු කරන ලද බව ඔවුන්ගේ නිළ blog පිටුව මාර්ගයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණා.

කොහොම නමුත් මෙම cyber ප්‍රහාරයට හේතුව තමවත් පැහැදිලි නැති නමුත්, AdGuard යනු මේ වන විට ලොව පුරා මිලියන 5ක පමණ භාවිතා කරන්නන් පිරිසක් සිටින extension එකක් වෙනවා.

මේ ප්‍රහාරය හමුවේ ඔවුන් තම පාරිභෝගියකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් two-factor authentication ක්‍රමයක් හඳුන්වා දීමට නුදුරු අනාගතයේදීම කටයුතු කරන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.


ඔයාගේ email address එකත් මේ විදිහට hack වෙලා තියනවාද කියලා දැනගන්න

Cyber security කියන එක මේ වන විට ලොව පුරාම විශාල ප්‍රශ්නයක් වී තිබෙන බව පසුගිය දින වල වාර්ථා වූ news වලින් ඔබට මේ වන විටත් පැහැදිලි වී ඇති.

ඉතින් ඔයාගේ email address එක සහ password එකත් අන්තර්ජාලයේ කොතනකදී හරි leak වෙලා තියනවාද කියලා දැනගන්න පුළුවන් විදිහක් මේ වෙනකොටත් තියනවා. ඒ තමයි have i been pwned? කියන සේවාව.

ඔයාගේ account එක hack වී නැති නම්
ඔයාගේ account එක hack වී ඇති නම්

ඉතින්  haveibeenpwned.com කියන වෙබ් අඩවියට ගිහින් ඔයාගේ email address එක අැතුළු කරලා ඔයාගේ account එක කී වාරයක් අන්තර්ජාලය තුලදී leak වීම් වලට ලක් වී තිබෙනවාද යන්න  ඔයාට පරීක්ෂා කරලා බලන්න පුළුවන්.

Recent data breaches

මීට අමතරව මෑත කාලීනව සිදු වූ ප්‍රධානතම data breach වල තොරතුරු ද මේ වෙබ් අඩවිය මගින් දැනගන්නට ඔයාට අවස්ථාව තියනවා.