Fortnite කියන්නේ PUBG වගේම ලොව පුරා ඉතාමත් ජනප්‍රියත්වයට පත් වුණු Battle royale ඝනයට අයත් වන game එකක් බව මේ වන විට ඔබ දන්නවා ඇති.

කොහොම නමුත් මේ game එක සඳහා භාවිතා කරනු ලබන Fortnite account එක ඉතාමත් පහසුවෙන් hack කළ හැකි දුර්වලතාවයක් සොයාගන්නට පසුගිය දිනක Check Point Research ආයතනය සමත් වී තිබෙනවා.

මෙම දුර්වලතාවය Epic Games, එනම් Fortnite develop කරනු ලබන ආයතනයට නිළ වශයෙන් පසුගිය නොවැම්බර් මාසයේදී දැනුම් දීමට කටයුතු කර තිබූ අතර සති කිහිපයකින් මෙම දුර්වලතාවය සම්පූර්ණයෙන්ම මඟහරවාගැනීමට අදාල කටයුතු සිදු කිරීමට ඔවුන් සමත් වී තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

මේ අනුව සරළ link එකක් යැවීම මගින් අදාල Fortnite ගිණුම hack කරගැනීමෙන් පසුව එයට සම්බන්ධ කර ඇති credit card ආදිය භාවිතා කරමින් නොයෙක් දෑ මිළදීගන්නටත්, hack වූ පුද්ගලයා මෙන් අනෙකුත් ක්‍රීඩකයන් හට කතා කරන්නටත් මේ හරහා අවස්ථාව ලැබෙනවා.

කොහොම නමුත් මේ bug එක හරහා game එක තුළ භාවිතා වන මුදල් ඒකකය වන V-Bucks මිලදීගෙන ඒවා dark web එක හරහා නැවතත් අඩු මුදලට විකිණීමේ ජාවාරමක් ගැන ද මේ වන විට තොරතුරු වාර්ථා වෙන බව දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා නිළ Check Point Research වෙබ් අඩවිය භාවිතා කළ හැක.