Binge watching එහෙමත් නැතිනම්, එක අවස්ථාවකදී නොනවත්වා episode ගණනාවක් නැරඹීම සහ On-demand watching, එනම් තමන්ට අවශ්‍යය වූ විට අදාල වැඩසටහන නැරඹීම යන ක්‍රමයන් දෙක හරහා මේ වසරේ (2019) විකාශය වූ සෑම කතා මාලාවක්ම අභිබවා Lucifer 😈 කතා මාලාව වඩාත් ජනප්‍රියතම කතා මාලාව ලෙස පත් වී තිබෙනවා.

අභිරහස් (Mystery) එහෙමත් නැත්නම් මනඃකල්පිත (Fantasy) කතා මාලා ගණයට අයත් වන Lucifer කතා මාලාව, මේ සදහා ඉදිරිපත් වූ අනිකුත් ජනප්‍රිය කතා මාලා වන, Stranger Things, Orange Is The New Black, Black Mirror සහ Mindhunter අභිබවා ඉදිරියට පැමිණීමෙන් අදහස් වූයේ, Lucifer රසිකයන්, Lucifer එනම් යක්ෂයා, අභිරහස් විසදීමට උදව් කිරීම පිළිබඳව මහත් උනන්දුවක් දක්වන බවයි.

මෙම කතා මාලාව Fox channel එකේ මූලිකව විකාශය වූ නමුත් එය 2019 මැයි මාසයේදී Netflix වල විකාශය වෙනවා. මේ වන විට Season 4 ක් ඇති අතර, එළඹෙන වසරේ Season 5 එළිදැක්වෙනු ඇති අතර එය එහි අවසාන Season එක බව මේ වසර මුලදී නිවේදනය කරන ලදී.

මේ කතා මාලාව නෙට්ෆ්ලික්ස් හි ප්‍රදර්ශනයට පැමිණීමත් සමග Forbes සගරාව විසින් උපුටා දක්වන ලද TV Times හී වාර්තාවට අනුව, ලුසිෆර් කතා මාලාව 2019 වසරේ වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවක් හිමි කතාව බවට පත්වනවා. (Most Streamed TV Series Of the Year)

Lucifer කතා මාලාවට විශාල තරඟයක් පැවතුන සමයක, විශේෂයෙන් Disney + සහ Apple TV+ වැනි ප්‍රතිවිරුද්ධ Streaming සේවා වල ජනප්‍රියතාවය වැඩි වීමක් සිදුවූවත්, ඒවායේ අන්තර්ගතයන්ට ලුසිෆර් නමැති යක්ෂයා 😈 මෙන්, මිනිසුන්ව ආකර්ශණය කර ගැනීමට නොහැකි වූ බව දැකගත හැකි වෙනවා.

ප්‍රදර්ශනයේ විධායක නිෂ්පාදක ජෝ හෙන්ඩර්සන් Twitter වෙබ් අඩවිය හරහා මෙලෙස සතුට පළ කර තිබුණා
Tom Ellis ලියා ඇති පරිදි ලුසිෆර් ද මෙම ජයග්‍රහණය ගැන මෙලෙස අදහස් දැක්වීය

Streaming සේවා අතර සටන නොතකා, Netflix සැබවින්ම ඉස්මතු වූයේ, මේ වසරේ හොඳම ජනප්‍රිය සංදර්ශන (Most Popular TV Shows) 20 න් 19 ක්ම Netflix දැවැන්තයාට අයත් වූ බැවිනි.

Lucifer ගෙන් පසු Stranger Things, 13 Reasons Why, Money Heist, Orange Is The New Black, The Handmaid’s Tale, Sex Education, Elite, You and Chilling Adventures of Sabrina කැපී පෙනුනා.

Netflix සේවාවට අයත් නොවන Hulu සේවාවට අයිති The Handmaid’s Tale කතා මාලාව 6 වෙනි ස්ථානයට පැමිණීමත් කැපී පෙනුනා.

Disney+, Amazon Prime Video, Hulu සහ Apple TV+ අඛණ්ඩව අලුත් නිර්මාණ නිකුත් කිරීම නිසා ලබන වසරේ මේ තත්වය වෙනස් විය හැකි නමුත් සංඛ්‍යාලේඛන වලට අනුව Netflix සේවාවට දැනට මේ පිළිබඳව වද වීමට කිසිඳු හේතුවක් නොමැති බව දැකගත හැකි වෙනවා.

Lucifer කතා මාලාව ගැන (Spoiler alert)

Lucifer කියන්නේ, Angel කෙනෙක්. 👼  තවත් අතකින් යක්ෂයෙක් 😈 (Devil) කිව්වත් හරි. එහෙම වෙන්නේ කොහොමද කියලා ඔයාලට කතාව බලන් යද්දී තේරුම් ගන්න පුළුවන් වෙයි. (කොහොම නමුත් මෙයාව විටෙක සාතන් ලෙස, The hellish history of the devil: Satan in the Middle Ages History පොතේ සදහන් වෙනවා.

අපි Lucifer ගැන කතා කරද්දී මෙයාට මේ ඉරණම අත් වෙන ආකාරය Season 1 හි මෙලෙස ඉදිරිපත් කරලා තියෙනවා.

ඒ තම පියාට (The God) එරෙහිව කැරැල්ලක් මෙහෙයවූ නිසා, Lucifer ව දිව්‍ය ලෝකයෙන් නෙරපා හැරීමත් සමග, සදාකාලිකව අපාය පාලනය කිරීමට භාර වෙන නමුත් ඒ ඔහු නිවාඩුවක් ගත කිරීමට තීරණය කරන තෙක් පමණක් වෙනවා.

Lucifer යක්ෂයෙක් කියලා මුලින් කිව්වනේ, යක්ෂයෙක් කිව්වට මෙයා සෙල්ලක්කාර යක්ෂයෙක්. ලුසිෆර් යක්ෂයෙක් නිසා එයාට අමුතු හැකියාවකුත් ලැබිලා තියෙනවා.

නපුරට දඩුවම් කිරීමට  Lucifer ව අපායට නෙරපා හැරියත්, Lucifer අපායෙන් පිටවෙලා California හි සුන්දර නගරයක් වන Los Angeles වලට එනවා. මෙයා එද්දී එන්නේ තනියම නෙමෙයි. අපායේ හොදම දඩුවම් ලබා දෙන්නවත් අරගෙන එන්නේ, ඒ තමා Mazikeen.

පෘථිවියේ Lucifer ගේ හදවත දිනා ගන්න මනුස්ස දුවක් සමත් වෙනවා. එයා රහස් පරීක්ෂකවරියක්. ඒ තමා Chloe Decker😍. තව චරිත ගොඩක් ඉන්නවා.
Season 1 බලද්දී ඔයාලට තව විස්තර ගොඩක් Lucifer ගැන දැන ගන්න පුලුවන් වෙයි.

Lucifer විසින් Chloe ගේ ජීවිතය බේරා ගන්නා ලද අවස්තාවක් 

යන කළාකරුවන් ඉහත චරිත නිරූපණය කරන අතර දෙවන කතා සමයේදී Lucifer ගේ මව (Tricia Helfer) ප්‍රධාන චරිතයක් ලෙස එකතු වෙනවා.

අපායේ ජීවිතයේ එපාවුන Lucifer, මෙසිකීන් එක්ක ලොස් ඇන්ජලීස් වල විනෝදයෙන් කාලය ගත කරන අතරේ Lucifer ගේ පියාගේ ඉල්ලීමට අනුව Lucifer ව නැවතත් අපායට යවන්න වගකීම ගත්ත ඇමනෙඩිල් සුරදූතයා පෘථිවියට එනවා. (Lucifer ට ගොඩක් සහෝදර/ සහෝදරියෝ ඉන්නවා - Amenadiel, Uriel, Azrael)

ඇමනෙඩිල් කොතරම් ඉල්ලීම් කරත්, ඒවට එකඟ නොවන Lucifer ක්ලෝයි ඩෙකර් එක්ක අපරාධ මැඩලන්න එකතු වෙනවා. යක්ෂයා අමරණීය වුණත් මේ ක්ලෝයි ඩෙකර් සමීපයේ ඉද්දී ලුසිෆර් ට බලපෑමක් එල්ල වෙනවා.

Smallville කතා මාලාවේ ඉන්න Tom Welling, Lucifer තෙවන season එකේ දී එක්වනවා.

ඒ වගේම The Last Ship කතා මාලාවේ හිටපු Inbar Lavi 😍, Lucifer 4 වන කතා සමයේ දී එක්වනවා. වැඩිය කිව්වොත්  Spoil වෙන නිසා ඔයාලම කතාව නරඹන්න.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Unilad වෙබ් අඩවිය හා popculture වෙබ් අඩවිය භාවිතා කළ හැක.