Firebase කියන්නේ mobile apps develop කරන අය අතර මේ වන විට බොහොම ජනප්‍රිය සේවාවක් වී හමාරයි. මේ සේවාව 2011 වර්ශයේ පටන් පැවතියත් 2014 වර්ශයේ Google සමාගම විසින් මෙය මිළදී ගැනීමත් සමඟ විශාල වශයෙන් ජනප්‍රියත්වයට පත් වුණා.

මේ සේවාව වැඩි වශයෙන්ම Android developers ලා අතර ජනප්‍රිය වුණු අතර, ඒ හරහා cloud messaging, push notifications, databases, analytics, advertising ඇතුළු තවත් විශාල සේවා රාශියක් ලබාගත හැකි වෙනවා.

කොහොම නමුත් නිවැරදි settings බාවිතා නොකොට නිර්මාණය කරන ලද මේ ආකාරයේ Firebase backend වලින් database 2,271 කින් පමණ 113GB පමණ ප්‍රමාණයක දත්ත ප්‍රමාණයක් මේ වන විට පිට වී ඇති බව Appthority කියන ආයතනය විසින් පෙන්වා දෙනවා.

  • Plaintext passwords සහ user IDs මිලියන 2.6 ක්
  • මිලියන 4කට අධික වූ PHI (Protected Health Information) records (Chat messages ෂහ prescription තොරතුරු)
  • මිලියන 25කට අධික GPS location වාර්ථා තොරතුරු
  • Banking, payment and Bitcoin transactions ඇතුළු පනස්දහසකට අධික මූල්‍ය කටයුතු වලට අදාල තොරතුරු
  • මිලියන 4.5 කට අධික Facebook, LinkedIn, Firebase සහ corporate data store වලට අදාල user tokens

මේ විදිහට පිට වී ඇති තොරතුරු අතර ඉහත සඳහන් තොරතුරු ඇතුලත් වෙන අතර ඔයාගේ data මේ අතර තිබෙනවාද යන්න පිළිබඳව දැනගන්න විදිහක් ගැන තාමත් දැනගන්න විදිහක් වාර්ථා වෙන්නේ නැහැ. කොහොම නමුත් Appthority එකෙන් කියන විදිහට මේ ගැන වාර්ථාවක් සමඟින් Google සමාගම දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

සමහර විට ඔබ නොදැනුවත්වම ඔබ විසින් භාවිතා කරන app එකක් Firebase backend එක බාවිතා කරනවා නම් මේ විදිහට ඔයාගේ තොරතුරුත් පිට වී තිබීමට අවස්ථාව තිබෙනවා. ඉතින් ඔයාටත් මේ පිළිබඳව සැකයක් තිබෙනවා නම්, වැඩිදුර තොරතුරු ලැබෙනතුරු ඔයාගේ passowords මාරු කරගැනීමට කටයුතු කරන එක වටිනවා.