එක්සත් ජනපදය හා ජපානය ඇතුළුව රටවල් 11ක් පුරා Ericsson සමාගම විසින් නිෂ්පාදනය කල ජංගම දුරකථන මෙන්ම ඒ ආශ්‍රිත උපාංග මිලියන ගණනක් ඊයේ දිනයේදී අදාල network වලට සම්බන්ධ වීමට නොහැකිව සිටි පුවතක් මේ වන විට වාර්ථා වෙනවා.

එක්සත් ජනපදයේ O2 Network එක සහ ජපානයේ Softbank network එක මෙලෙස ප්‍රධාන වශයෙන්ම අවධානයට යොමු වුණු සේවා සපයන්නන් දෙදෙනෙකු වූ අතර රටවල් 11ක් පුරා තවත් සේවා සපයන්නන් ගණනාවක් මෙලෙස මෙම ගැටළුවට මුහුණ දී තිබුණා.

මෙයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී තිබුණේ අදාල devices වල ඇතුලත් කර තිබූ certificate එකක් කල් ඉකුත්වීම නිසාවෙන් මෙම ගැටළුවට මුහුණදීමට සිදු වුණු බව වන අතර ඒ වෙනුවෙන් නිළ නිවේදනයක් නිකුත් කරමින් Ericsson සමාගමේ සභාපතිවරයා සමාව ඉල්ලා සිටියා.

එමෙන්ම මෙම තත්ත්වය පහසුවෙන්ම මගහරවා ගතහැකි තත්ත්වයක තිබියදී මෙම කටයුත්ක අදාල පුද්ගලයන්ගේ නොසැළකිළිමත් බව නිසා මෙයට මුහුණදීමට සිදු වී ඇති බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

කොහොම වුණත් certificate expire වීම නිසාවෙන් මෙලෙස සේවාවන් අකර්මන්‍යය වූ පළමු අවස්ථාව මෙය නොවන අතර, 2013 වර්ෂයේදී Xbox Live සහ Microsoft Azure සේවාව ද, 2015 වර්ෂයේදී Apple සමාගමේ Mac App Store එක ද, මේ වර්ෂයේ Facebook සමාගමේ Oculus Rift headsets ද මෙලෙස අකර්මන්‍යය වීමකට බඳුන් වී තිබෙන බවට වාර්ථා වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Tech Crunch වෙබ් අඩවිය සහ Ericsson සමාගමේ නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.