මේ වන විට අපි එදිනෙදා භාවිතා කරන බොහෝ Apps වල Lite versions දැකිය හැකි වන නමුත් මේවායේ ප්‍රධාන app එකෙහි අන්තර්ගත සියලු පහසුකම් දැකිය නොහැකි අතර අවශ්‍යය මූලික කාරණා ඉටු කර දීමට බොහෝ Lite Apps වලට හැකියාව පවතිනවා .

Facebook Messenger app එකෙහි Lite version එක වන Facebook Messenger Lite app එක නිර්මාණය කරලා තියෙන්නේ මේ විදිහට අඩු Resources ප්‍රමාණයකින් භාවිතා කරන්න පුලුවන් වෙන්න. ඉතින් මේ App එක Play Store හරහා 10MB වගේ අඩු දත්ත ප්‍රමාණයකින් download කර ගැනීමට පුලුවන්.

ඉතින් මේ Lite App එකට නව අංග කිහිපයක්ම එකතු කරන්න Facebook සමාගම මේ වන විටත් කටයුතු කර ඇති අතර මේ වන විට Chat කරන අවස්ථා වලදී නැතුවම බැරි Animated GIFs යැවිය හැකි පහසුකම ලබා දී තිබෙනවා.

මෙලෙස animated GIF එකක් යැවීමට නම් ඒ සඳහා Gboard වැනි animated GIF පහසුකම සහිත keyboard එකක් භාවිතා කළ යුතු බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඒ වගේම Conversations customize කිරීමේ පහසුකම, default emojis හා nicknames වෙනස් කිරීමේ හැකියාව මේ Messenger Lite භාවිතා කරන්නන් හට ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මීට අමතරව මේ Messenger Lite හරහා files, photos සහ videos share කරගැනීමේ පහසුකමත් මේ අලුත් සංස්කරණයට එකතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

ඉතින් මේ පහසුකම මේ වන විටත් නිකුත් කර ඇති අතර ඔබට මෙම පහසුකම නොලැබුනේ නම් ඉතාමත් ඉක්මණින් ලැබෙනු ඇත.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Messenger blog එක, Engadget වෙබ් අඩවිය හා Android Community වෙබ් අඩවිය භාවිතා කළ හැක.