Microsoft Office, එහෙමත් නැත්තම් Microsoft Word, Excel සහ PowerPoint කියන ප්‍රධාන apps ගැන මේ වන විට නොදන්නා කෙනෙක් නැති තරම්.

විශේෂයෙන්ම මේ වන විට Microsoft සමාගම ඔවුන්ගේ සේවාවන් සියල්ලම පාහේ Android වලට ලබාදීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව දකින්නට ලැබෙන අතර ඔන්න දැන්, ඔවුන්ගේ Microsoft Office app එකෙහි අලුත් සංස්කරණයක් Android වලට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

Google සමාගම විසින් ඔවුන්ගේ Docs, Sheets සහ Slides යනුවෙන් වෙන වෙනම apps වලින් ලබාදෙන සේවාවන් සියල්ල තනි app එකකින් සිදු කරගැනීමේ හැකියාව ලබාදීමට මේ අලුත් Office app එක සමත් වන අතර එයට Word, Excel, PowerPoint සහ OneDrive සේවාවන් අන්තර්ගත වෙනවා.

Microsoft Office: Word, Excel, PowerPoint & More - Apps on Google Play
The Office app combines the Word, Excel, and PowerPoint apps you know and rely on, with new capabilities that harness the unique strengths of a phone to create a simpler, yet more powerful Office experience on the go.Whether using it for personal or professional reasons, the Office app is designed …

ඉහත සඳහන් කළ සියළුම apps තනි තනිව install කරගැනීමේ හැකියාව මේ වන විටත් තිබෙන නමුත්, මේ අලුත් app එක හරහා ජංගම දුරකථනයේ සැළකිය යුතු ඉඩ ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙන අතරම, වෙන වෙනම apps කිහිපයක් භාවිතා කිරීමට අකමැති අයට මෙය ඉතාමත් වැදගත් වෙනවා.

මීට අමතරව මේ app එකට Microsoft Office Lens app එකේ ඇති පහසුකම, එනම් යම්කිසි document එකක් හෝ වගුවක් photo එකක් ලබාගැනීම හරහා word document එකක් හෝ excel spreadsheet එකක් ලෙස save කරගැනීමේ හැකියාව ලබාදෙන අතරම, QR Code scanner එකක් ලෙස ද භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.