2015 වර්ෂයේදී Windows 10 හඳුන්වාදීමත් සමඟින් Microsoft සමාගම ඔවුන්ගේ පැරණි Internet Explorer web browser එක දෙවැනි තැනට පත් කරමින් default browser එක ලෙස අලුත් Edge Browser එක ලබා දීමට කටයුතු කලා මතක ඇති.

කොහොම වුණත් මේ Internet Explorer යනු නිකන්ම නිකන් web browser එකක් නොවේ. තවමත් Internet explorer වල පමණක් වැඩ කරන ලෙස සැකසූ information system ලොව පුරා ව්‍යාපාර වල භාවිතා වන බැවින් Microsoft සමාගමට මෙය තමන්ගේ operating system එකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීමට හැකියාව ලැබුණේ නැහැ.

ඒ වගේම දැන්, මේ අලුතින් හඳුන්වා දුන් Edge Browser එකත්, Chromium ව්‍යාපෘතිය පාදක කරගත් අලුත් browser එකක් වෙත ගෙන යෑමට ඔවුන් කටයුතු කරමින් සිටියදී, Internet Explorer භාවිතා කිරීමේ අනතුරුදායක බව ගැන “The perils of using Internet Explorer as your default browser” යන නමින් දිගු ලිපියක් හරහා පැහැදිලි කිරීමට Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අනුව මේ Internet Explorer යනු තවදුරටත් අලුත් web standards සමඟින් update නොවන, ව්‍යාපාරික ප්‍රජාව සඳහා පැරණි පද්ධති වලින් අලුත් මෘදුකාංග වෙතට මාරු වීම සඳහා ලබා දෙන කාලය මදක් දිගු කිරීමට පමණක් ලබා දී තිබෙන solution එකක් බව ඔවුන් ප්‍රකාශ කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය, නිළ Microsoft Tech Community forum එක මෙන්ම The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.