පසුගිය පෙබරවාර් 4 වැනිදා පරිශීලකයන්ගේ Photos සොරකම් කළ Beauty Camera apps 29ක් Google Play Store එක තුල තිබූ බව අපි ඔබට වාර්ථා කළා මතක ඇති.

ඔන්න දැන් ලැබෙන තොරතුරු අනුව මේ Google Play Store එකේ තිබී, Bitcoin සහ Ethereum කියන cryptocurrency සොරකම් කරන Malware App එකක් හඳුනාගැනීමට Eset ආයතනය සමත් වී තිබෙනවා.

Package Name: com.lemon.metamask
BTC address: 17M66AG2uQ5YZLFEMKGpzbzh4F1EsFWkmA
ETH address: 0xfbbb2EF692B5101f16d3632f836461904C761965

මෙසේ සොරකම් කරන ලද Bitcoin හෝ Ethereum අදාල app එක නිර්මාණය කළ තැනැත්තාගේ  Wallet එකට යන ලෙස මෙම Malware එක නිර්මාණය කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා.


මේ virus එක Clipper යන වර්ගයට අයත් වන අතර, මේ Clipper වර්ගයේ malware වලින් සිදු වන්නේ, operating system එකේ clipboard එක (සරළව, copy කරන හැම දෙයක්ම, paste කරන තුරු තිබෙන ස්ථානය) තුල තිබෙන දත්ත අතරින් cryptocurrency address හඳුනාගෙන, ඒවා malware එකේ හිමිකරුගේ address එක සමඟින් මාරු කිරීමයි.


සාමාන්‍යයෙන් cryptocurrency wallet එකක address එකක් මතක තබා ගැනීමට ඉතාමත් අපහසු විදිහේ random අකුරු සහ ඉලක්කම් වලින් නිර්මාණය වෙනු ලබන අතර, මේ App එක හරහා සිදු වන්නේ යම්කිසි transaction එකක් සිදු කිරීම සඳහා අදාල පරිශීලකයා විසින් තම wallet address එක clipboard එකට copy කරගැනීමෙන් අනතුරුව, එය ඔහු විසින් අදාල තැනට paste කිරීමට ප්‍රථමව, මේ app එක නිර්මාණය කළ පුද්ගලයාගේ wallet address එක කලින් copy කරගත් address එකත් සමඟින් මාරු කරනු ලබනවා.

ඒ අනුව නොදැනුවත්වම අදාල පුද්ගලයා විසින් භාවිතා කරන්නේ මේ Malware එක නිෂ්පාදනය කළ තැනැත්තාගේ Wallet address එක බැවින් අදාල මුදල් සියල්ලම සෘජුවම මේ Malware නිෂ්පාදකයාගේ ගිණුමට බැර වන ලබනවා.

මේ App එක ප්‍රසිද්ධ Ethereum සම්බන්ධ සේවා සපයන ආයතනයක් වන MetaMask සේවාවේ නිළ Mobile App එක ලෙස පෙනී සිටිමින් මෙම කටයුත්තෙහි නියැලීම හේතුවෙන්, මෙය download කරගන්නා පිරිස ද Ethereum එදිනෙදා භාවිතා කිරීමට පුරුදු වූ අයයි.

කොහොම වුණත් මේ App එක මේ වන විටත් Google Play Store එකෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇතත් මෙයින් වූ හානිය කොපමණදැයි කිසිවෙකුටත් සොයාගත නොහැකි වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා ESET ආයතනයේ WeLiveSecurity වෙබ් අඩවිය භාවිතා කළ හැක.