ලොව පුරා බොහෝ දෙනෙකු බළාපොරොත්තුවෙන් සිටින, Marvel සමාගමේ මීළඟට නිකුත් වීමට නියමිත superhero movie එක වන Captain Marvel චිත්‍රපටය ගැන මේ වන විට බොහෝ දෙනෙක් උනන්දුවෙන් පසු වෙනවා.

වාර්ථා වෙන විදිහට මේ චිත්‍රපටයේ කතාව පාදක වෙලා තියෙන්නේ 1990 දශකයේ නිසාවෙන්, ඒ කාලයේ වෙබ් අඩවියක පෙනුම සහිතව Captain Marvel වෙබ් අඩවිය නිර්මාණය කරන්නට Marvel සමාගම කටයුතු කර තිබෙනවා.

අන්තර්ජාලයෙන් වැඩි කොටසකට උරුමකම් කියන WordPress, Joomla වගේ CMS බිහි වෙන්නේ මේ කාලයේ සිට තවත් වසර 10කට අධික කාලයක් ගත වුණු බව ඔබ දන්නවා ඇති. ඉතින් 90 ගණන් වල අන්තර්ජාලය භාවිතා කරපු කෙනෙක් නම්, ආයෙත් ඒ අතීතයට එබිලා බලන්න ඔන්න දැන් අවස්ථාව ලැබිලා තියනවා.

වසර 30 කට ආසන්න කාලයකට පෙර භාවිතා කළ fonts, animations සහ colors සමඟින් ඉතාමත් තාත්වික ආකාරයට මේ වෙබ් අඩවිය නිර්මාණය කිරීමට මොවුන් සමත් වී තිබෙනවා. මෙය නිර්මාණය කිරීම සඳහා FrontPage මෘදුකාංගය භාවිතා කළ බවත් දැනගන්නට ලැබෙනවා.

ඉතින් ඔයා 90 දශකයේ වෙබ් අඩවි වල පෙනුම දැකලා නැත්නම්, එහෙමත් නැතිනම් Marvel fan කෙනෙක් නම්, ඔන්න marvel.com/captainmarvel කියන වෙබ් අඩවියට ගිහින් ඒ අත්දැකීම විඳගන්න ඔයාට අවස්ථාව තිබෙනවා.

ඒ වගේම මේ Captain Marvel චිත්‍රපටය මාර්තු මාසයේ 8 වැනිදා නිකුත් කිරීමට ඔවුන් කටයුතු සූදානම් කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Gizmodo වෙබ් අඩවිය භාවිතා කළ හැක.