Microsoft සමාගම විසින් ඔවුන්ගේ Edge web browser එක Chromium open source project එක පාදක කරගෙන අලුතින් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බව මීට පෙර කිහිප අවස්ථාවකදීම අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Microsoft සමාගමේ අලුත් Chromium Edge Browser එක Windows 7 සහ 8 වලටත් ලබා දීමට කටයුතු කරයි
Microsoft සමාගම විසින් මේ වන විට අත්හදාබැලීමේ කටයුතු සිදු කරමින් පවතින්, Chromium ව්‍යාපෘතිය මත පදනම් වූ අලුත් Edge Browser එක ගැන[/a-first-look-at-microsofts-new-chromium-powered-edge-browser/] මීට කලින් ඔබවදැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති. මූලිකව Windows 10 වලට පමණක් සීමා කර තිබූ testing සංස්…

මේ වන තුරු පරීක්ෂණ මට්ටමේ පැවති මේ web browser එක අද දින, එනම් ජනවාරි 15 වැනි දින සිට Windows 10 වල 1803 යන build එක සහ ඊට පසුව නිකුත් වන සංස්කණ සහිත Windows 10 Home සහ Pro යන සංස්කරණ භාවිතා කරන්නන් හට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Windows update එකක් ලෙස මෙම update එක ක්‍රමයෙන් සෑම Windows 10 පරිගණකයකම ස්ථාපනය වනු ඇති අතර මෙයින් ඉවත් වීමට හැකියාව ලැබෙන්නේ Business users ලා හට පමණක් වන බව ද ඔවුන් පෙන්වා දෙනවා.

Blocker Toolkit to disable automatic delivery of Microsoft Edge
Blocker Toolkit to disable automatic delivery of Microsoft Edge

මේ අලුත් web browser එක Chromium මත පදනම් වී ඇති නිසාවෙන් මේ වන විටත් Chrome සඳහා නිර්මාණය කර තිබෙන extensions බොහෝමයක් මෙහි ද භාවිතා කිරීමේ හැකියාව ලැබෙන අතර මේ වන විට ප්‍රධාන web browser අතරින් Chrome, Opera, Edge සහ Vivaldi වැනි web browsers මේ Chromium ව්‍යාපෘතිය පාදක කරගෙන තම web browsers නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ වන විට Web browser අතරින් වැඩිම ජනප්‍රියත්වයට පත්ව තිබෙන්නේ Google Chrome web browser එක වන අතර දැනට පවතින Edge සංස්කරණය භාවිතා කරනු ලබන්නේ 2.13% ක පමණ පිරිසක් විසිනුයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TNW වෙබ් අඩවිය හා නිළ Microsoft වෙබ් අඩවිය භාවිතා කළ හැක.