Google Chrome යනු මේ වන විට ලොව ජනප්‍රියතම web browser එක වන බව ඔබ දැනටමත් දන්නවා ඇති.

මේ Chrome browser එක තුල අන්තර්ගත වන පහුසකම් වලින් එකක් වන Chrome Apps, 2022 වර්ෂයේ ජුනි මාසයෙන් පසුව අතහැර දැමීමට තීරණය කර ඇති බව මේ වන විට Google සමාගම ප්‍රකාශ කර සිටිනවා.

Moving Forward from Chrome Apps
The web platform has made substantial progress since the launch of Chrome Apps in 2013. As community members, we continue to work with oth...

මේ අනුව Windows, macOS, Linux මෙන්ම Google සමාගමේ Chrome OS එක මතින් ද මේ Chrome Apps පහසුකම ඉවත් කිරීමට කටයුතු කෙරෙන ලබනවා.

  • 2020 මාර්තු මාසය වන විට Chrome Web Store එකට අලුතින් Chrome Apps බාර ගැනීම නවත්වනු ලබනවා.
  • 2020 ජුනි මාසය වන විට සාමාන්‍යය පරිශීලකයන් හට Windows, Mac සහ Linux වලදී Chrome apps සඳහා සහාය ලබා දීම නවත්වනු ලබන අතර ව්‍යාපාරික සහ අධ්‍යාපනික ආයතන වලට පමණක් දෙසැම්බර් මාසය දක්වා සහාය ලබාදීමට කටයුතු කරනු ලබනවා.
  • 2021 ජුනි මාසය වන විට සාමාන්‍යය Chrome OS පරිශීලකයන් හට ද Chrome Apps සඳහා සහාය ලබාදීම නතර කරනු ලබන අතර එහිදී ද ව්‍යාපාරික සහ අධ්‍යාපනික ආයතන වලට පමණක් 2022 වර්ෂයේ ජුනි මාසය දක්වා සහාය ලබාදීමට කටයුතු කරනු ලබනවා.
  • 2022 ජුනි මාසයේදී සියළුම Chrome OS පරිශීලකයන් හට ද Chrome Apps සඳහා සහාය ලබාදීම නතර කෙරෙනු ලැබෙනවා.

කොහොම නමුත් මේ Chrome apps සහ Chrome extensions යනුවෙන් හඳුන්වන්නේ වෙන වෙනම පහසුකම් ද්විත්වයක් වන අතර Chrome extensions සුපුරුදු පරිදි තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.

Chrome apps බොහෝමයක් ම පාහේ මේ වන විට Progressive Web Apps බවට පත් කිරීමට කටයුතු කර ඇති නිසාවෙන් බොහෝ විට මෙය විශාල ගැටළුවක් බවට පත් නොවනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Chromium Blog එක, The Verge වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.