ඔන්න මේ පාර Microsoft එකෙන් මිලදීගන්න සැරසෙන්නේ ලෝකයේ ප්‍රධාන පෙලේ සේවාවක් වෙන GitHub එකයි.

මේ GitHub කියන්නේ software developers ලාට තමන්ගේ projects එහෙමත් නැත්නම් source code එක online store කරලා තියන්න පුළුවන් තැනක්. ඒ වගේම මේ Upload කරන source code එක ගොඩ දෙනෙක් එක්ක එකතු වෙලා වැඩි දියුණු කරන්නත්, එහි තියෙන bugs, improvements වගේ දේවල් ගැන කතා කරන්නත් ඕන කරන පහසුකම් මේ GitHub එකේ තියනවා.

Microsoft ලාට එයාලාටම අයිති වුණු Microsoft Visual Studio Team Services කියලා මීට සමාන සේවාවක් මේ වෙනකොටත් තියනවා. කොහොම වුණත් පේන විදිහට ලෝකය පුරා විසිරිලා ඉන්න software developers ලාට තවත් සමීප වෙන්න Microfost එකට ඕන වෙලා තියනවා.

මේ මිලදීගැනීම හරහා Microsoft එකට එයාලාගේ platform වලට software develop කරන්න developers ලාව යොමු කරවන්නත්, artificial intelligence පිළිබඳ කටයුතු වල වැඩිදියුණු කරගැනීමකටත් ඉඩ සැලසෙන බව CNBC කියන වෙබ් අඩවිය කියනවා.

කොහොම වුණත් මේ ගණුදෙනුවේදී Microsoft එක ගෙවන්න සැරසුනු මිලට වඩා ගොඩක් වැඩි මිලකට තමයි GitHub එක විකුණන්න කැමති වෙලා තියෙන්නේ. 2015 වර්ශය වෙන විට මේ GitHub එකේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් වුණු අතර, දැන් මේක මිලදී ගන්න නම් Microsoft එකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් පමණ වියදම් වෙන බවට තමයි ගණන් බලලා තියෙන්නේ.

මීට මාස 10 කට පමණ ඉහතදී මේ ආයතනයේ නිර්මාතෘ සහ CEO වුණු Chris Wanstrath ගේ නික්මයාමත් සමඟ ඇති වූ තත්ත්වයත් සමඟ Microsoft එකට මේ ආයතනය මෙහෙයවීමට වුවමනාවක් ඇති බව පේන්න තියනවා. මේ උනන්දුව 2016 අවුරුද්දේ සිටම පැවතුනු බව source notes වලින් සහ කටකතාවක් වශයෙන් ගොඩ කාලෙක ඉඳන් පැවතුනා. ඔයාලට මතක ඇති මේ වගේම company එකක් වුණු Xamarin එකත් Microsoft එකෙන් 2016 දී මේ වගේම මිලට ගත්තා.

නමුත් තාමත් Microsoft එක හෝ GitHub එක officially මේ ගැන මොනවත් අදහස් දැක්වීමක් කරලා නැහැ. මීළඟ සති කිහිපය ඇතුලත අපිට මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් වේවි. ඒ වගේම Microsoft එක විසින් GitHub එක මිලදීගන්න උත්සාහ කරන දෙවෙනි අවස්ථාව තමයි මේක. මොනවා වුණත් ගොඩ දෙනෙක් කියන විදිහට මේ ගණුදෙනුව මේ අවුරුද්ද ඇතුලත සිදුවීමට වැඩි ප්‍රවණතාවයක් තියනවා.

Source: Softpedia