Smartphone වල සමහර features තියෙනවා standard එකක් වුණු. එතකොට අපි හිතනවා අලුතින් ඒන හැම Phone එකකම මේ features අනිවාර්යෙන්ම තියෙනවා කියලා. Display ඒකේ double-tap කරම sleep/wake වන එක මේ features එකක්.

ඒ අතරින් අලුතින්ම අාපු features එක තමයි Always on Display කියන mode එක. AMOLED display එකක් තියන අළුතින් එන හැම phone එකකම මේක තියනවා කියලා අපි ඉබේටම වගේ හිතනවා.

Oneplus 6 Always on Display mode

කොහොම වුණත් OnePlus 6 එකට මුලින්ම ලබා දෙන firmware එකේ මේ feature එක තිබුනත් update එකක් මගින් මේක remove කරන්න තීරණය කරලා තියනවා. ඒකට හේතුව වෙලා තිබුණේ මේ feature එක enable කරලා තියනවිට battery life එක සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීමයි.

කොහම උනත් මේකට විශේෂයෙන්ම නිර්මාණය කරන ලද Magisk Module එකක් බාවිතා කරලා අපිට මේ features එක OnePles 6, OnePlus 5T හා OnePlus5 කියන smartphone වල නැවත enable කරගැනිමේ හැකියාව පවතිනවා.

Activate කරන අාකරය පියවරෙන් පියවර

  1. පලමුවෙන්ම root කරලා Magisk Install කරගන්න.
  2. Magisk Module එක Download කරගන්න.
  3. Magisk Manager application එක Install කරගන්න.
  4. Install කිරිමෙන් පසුව Phone ඒක Reboot කරගන්න.
  5. Reboot කිරීමෙන් පසුව Settings > Display section පිවිසිමෙන් Always on Display mode ඒක active කරගැනිමට පුලුවන්.

ගොඩක් smartphone බාවිතා කරන අය Pocket එකේ Phone එක තියාගෙන ඉන්නවා වෙනුවට සමතලා මතුපිටක් එහෙමත් නැත්නම් මේසයක් මත වගේ තබා ගැනිමට වැඩි කැමැත්තක් දක්වනවා. මෙමගින් time, date, weather, හා notifications වගේ දේවල් ඉතා පහසුවෙන් බලාගැනිමේ හැකියාව පවතිනවා. AMOLED Disply ඒක නිසා පොඩි Pixel ප්‍රමානයක් පමණයි බාවිතා වන්නේ. එම නිසා Battery Life එකට සාමාන්‍යය IPS Panel display එකක තරම් බලපැමක් අැති වන්නේ නැහැ.