දීර්ඝ අත්හදාබැලීමේ කාලයකින් පසුව ඔන්න ලබන අවුරුද්ද වෙනකොට පළමු මට්ම‍මේ 5G mobile devices නිෂ්පාදනය කර බෙදාහරින්න පුළුවන් තත්ත්වයකට මේ technology එක පැමිණිලා තියනවා. නමුත් smartphone නිෂ්පාදකයන් නම් මේ ගැන ලොකු සතුටකින් නෙවෙයි ඉන්නේ. පහුගිය දශකය පුරාවට නොනවත්වා වැඩි දියුණු වුණු cameras, processors වගේම display වගේ දේවල් සමඟ සැසැඳීමේදී මේ 5G කියන technology එක ටිකක් implement කරන්න අමාරු ගතියක් පෙන්වනවා.

මේ 5G කියන technology එක පදනම් වෙලා තියෙන්නේ අපි දැනට 2G, 3G, 4G වලට භාවිතා කරනවාට වඩා ගොඩක් වැඩි radio frequency spectrum එකක. මේකට හේතුව වෙන්නේ මේ 5G වලට අවශ්‍යය තරමට data transfer speed එක ලබා ගැනීමට නම් frequency එක වැඩි කිරීමට සිදු වීමයි. ඉතින් frequency එක වැඩි වෙන්න වැඩි වෙන්න මේ signal වලට ගමන් කරන්න පුළුවන් දුර ප්‍රමාණය අඩු වෙනවා වගේම මොනවාහරි objects තියනවා නම්, ඒ කියන්නේ ගොඩනැගිලි, ගස් ගල් වගේ දේවල් හරහා ගමන් කරන්නත් මේකට අපහසු වෙනවා.

5G-Frequency-Bands-techie

ඉතින් ඔයාලා බලනවා ඇති ඔය හේතු වලින් කොහොමද smartphone වල පෙනුම වෙනස් වෙන්නේ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. හිතන්න ඔයාගේ phone එකට මොකක්හරි පොඩි object එකක් හරස් වෙනවා කියලා. එතකොට cell station එහෙමත් නැත්නම් ලඟම තියන කණුවත් එකත් එක්ක තියෙන සම්බන්ධතාවයට බාධා වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේක අඩු කරගන්න නම් මේ smartphone වලට antena කිහිපයක් සම්බන්ධ කර තිබීම අත්‍යවශ්‍යය වෙනවා. ඒ වගේම device එක හදන අමුද්‍රව්‍යය වගේම හැඩය සහ විශාලත්වයත් මේ හේතුව නිසාම වෙනස් කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ගොඩක් අළුත් flagship smartphones වල තියෙන යකඩින් හෝ ඇළුමිනියම් වලින් නිම කරන ලද පසුපස කොටස් ඉවත් කරන්නත් සිද්ධ වෙනවා.

nokia-6-metal-back-techie

විශේෂයෙන්ම මුලින්ම නිකුත් වෙන 5G devices මේ antenna සමගින් පෙනුම අතින් ගොඩක් පසුපසින් සිටීවි. උදාහරණයක් ලෙස Motorola ලාගේ 5G Moto Mod එක ගත හැකිය අතර එය පෙනුම අතින් වඩාත් සමීප වෙන්නේ 2003 වර්ශයේදී පමණ නිකුත් වූ flip කළ හැකි mobile phone වලටයි.

විශේෂයෙන්ම මේ mainstream එක එහෙමත් නැත්තම් flagship series වල design එක ගැන හැම smartphone manufacturer කෙනෙක්ම වගේ ගොඩක් සැලකිලිමත් වෙන නිසා මේ 5G technology එක එකතු වෙන්න ගොඩ කාලයක් යාවි. ඒ වගේම 90% පමණ පිරිසකට භාවිතා කළ නොහැකි technology එකක් වෙනුවෙන් ඒ model වල මිළ වැඩි කරන්න මේ අය පැකිලීමක් දක්වාවි. විශේෂයෙන්ම හැම technology එකක්ම පරණ වන තුරු බලාගෙන ඉන්න Apple සමාගම එයාලගේ iPhones වලට මේ technology එක එකතු කරන්න නම් තවත් අවුරුදු ගනනාවක් ගනීවි.

ඒ වගේම 3G හෝ 4G වලට සූදානම් වුණු ආකාරයට මේ 5G සඳහා service providers ලාට එක්වරම සූදානම් වීමට නොහැකි වෙන්නේ, මේ සඳහා පොඩි පොඩි cells එහෙමත් නැත්නම් පොඩි කණු විශාල සංඛ්‍යාවක් නගරයක් නගරයක් පාසා ඉදි කිරීමට සිදු වන නිසාවෙනි.

ලබන අවුරුද්දේ මුල මේ පළමුවෙනි කාණ්ඩයේ devices නිකුත් වුණත් 5G networks ඒ සඳහා සූදානම් වෙන්න සහ හොඳ ආවරණයක් ලබා දී එදිනෙදා භාවිතයට ගතහැකි මට්ටමට එන්නටත් තවත් අවුරුදු කිහිපයක් වත් ගතවේවි.

Source: BGR