මේ දවස් වල ගොඩක් අය කතා කරන මතෘකාවක් තමයි අලුතෙන් release කරන iPhone මාදිලි කිහිපය.

ඉතින් අපිත් හිතුවා මේ ගැන අපේ පාඨකයන්ව පොඩ්ඩක් දැනුවත් කරන්න. එහෙන් මෙහෙන් ලැබෙන පොඩි පොඩි ආරංචි වල හැටියට ගිය අවුරුද්දේ කරළියට ආපු iPhone X එකට අලුතෙන් වෙනස්කම් ටිකක් එකතු කරලා මේ අවුරුද්දේ release කරනවා කියලා තමයි අපිට තවමත් දැනගන්නට ලැබෙන්නේ.

කොහොම නමුත් Apple සමාගම තමන්ගේ devices ගැන ඉතාමත් පරෙස්සම් වන නිසා මේ එහෙන් මෙහෙන් වෙනස් කරනවා කිවුවත්, සෑම සුළු වෙනස්කමක් පිටුපසම එයට මොනයම් ආකාරයකින් හෝ හේතු වන කාරණයක් තිබෙන බව අපි දැනුවත් වෙලා ඉන්න ඕන වෙනවා.

නවීකරණය කරපු අඟල් 5.8ක iPhone X එකක් release වෙන්න ඉඩ තිබෙන අතර එය iPhone XS යනුවෙන් හැඳින්වේවි කියලා තමයි දැනට බොහෝ දෙනෙකු මත පල කරලා තියෙන්නේ. ඒ වගේම තවත් Screen Size එක අඟල් 6.5 වෙන iPhone XS Max කියල device එකක් release වෙන්න නියමිත බවටත් අනාවැකි පළ කරලා තියෙනවා.

2014 ඉදන් Apple 6 සහ 6 Plus විදිහට තමයි ඔවුන්ගේ devices නම් කරන්න Apple සමාගම කටයුතු කලේ. නමුත් මේ අවස්ථාවේදී එම සම්ප්‍රදාය බිඳින්නට ඔවුන් කටයුතු කරනු ලබන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.

එතකොට මේ නමේ වෙනසට වඩා තව තියෙන වෙනසක් විදිහට නව iPhone XS Max එකේ බැටරි එක XS එකේ බැටරි එකට වඩා පාවිච්චි කරන්න පුලුවන් කාලය එහෙමත් නැතිනම් Battery Life එක වැඩි වෙනවා. ඒ වගේම පරණ iPhone X එකට වඩා performance වර්ධනයක් බලාගන්න පුලුවන් වේවි. මොකද අලුත්ම A12 processor එකකින් හා 4GB RAM එකකින් මේ අලුත් devices දෙකම සමන්විත වෙන්නට නියමිතව තිබෙනවා.

මේ මාසයේ, එනම් සැප්තැම්බර් 12 වෙනිදා තියෙන Apple සමාගමේ අලුත් devices revealing ceremony එකේදී අපිට මේ devices දෙක ගැනම හරියටම දැනගන්න පුළුවන් වේවි.

ඔයා මේ event එක live බලන්න කැමති නම් ඔන්න මේ page එක bookmark කරගෙන ඒ හරහා ගිහින් මේ event එක තිබෙන වෙලාවට, එනම් ලබන බදාදා ලංකාවේ වේලාවෙන් රෑ 10:30 ට මේ live stream එක නරඹන්න අවස්ථාව තිබෙනවා.