ඔයාලට මතක ඇති Android Pie නිකුත් කරන විට Google සමාගම විසින් ඔවුන්ගේ Digital Well-being පහසුකම එළිදක්වන්නට කටයුතු කළා.

ඔන්න දැන්, Microsoft සමාගමත් ඔවුන්ගේ Android Launcher එක වන Microsoft Launcher එකට මේ හා සමාන පහසුකමක් එකතු කරන්නට කටයුතු කර තිබෙනවා. මේ අලුත් පහසුකම Digital health නමින් හඳුන්වනු ලබන අතර මේ හරහා ඔයා, ඔයාගේ ජංගම දුරකථනය භාවිතා කරන අන්දම ගැන අදහසක් ලබාදීමට සමත් වෙනවා.

ඒ අනුව ඔයා Phone එකේ screen එක on කරගෙන සිටින කාළයේ සිට කාළය ගත කරනු ලැබුවේ කුමන apps මත ද, කොයි තරම් කාළයක් මේ වෙනුවෙන් ගත කළා ද සහ කී වාරයක් ඔයාගේ ජංගම දුරකථනය unlock කර තිබෙනවාද වැනි තොරතුරු දැනගත හැකි වෙනවා.

මේ Microsoft Launcher එක Android 4.2 වල සිට ඉහළ versions මත භාවිතා කළ හැකි අතර, පසුගිය වසරක පමණ කාළය ඇතුලත මේ app එක විශාල වශයෙන් වැඩිදියුණු කරන්නට Microsoft සමාගම කටයුතු කළා.

මේ වන විට To-Do සහ Sticky Notes පහසුකම මෙන්ම ඔවුන්ගේ Cortana Digital Assistant සේවාව ද මෙයට අන්තර්ගත කර තිබෙනවා. එමෙන්ම Windows 10 සමඟ සම්බන්ධ කරමින් විවිධ ආකාරයේ පහසුකම් Android මතදී භාවිතා කිරීමටත් ඔවුන් පහසුකම් ලබාදී තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැකි වෙනවා.