Discord කියන්නේ මේ වන විට ලොව පුරා gamers ලා, එහෙමත් නැතිනම් games play කරන අය අතර ඉතාමත් ජනප්‍රිය platform එකක් බව අමුතුවෙන් කියන්න වුවමනා නැහැ.

මේ platform එක ප්‍රධාන වශයෙන් game play කිරීමේදී තම කණ්ඩායම අතර පණිවුඩ හුවමාරු කරගැනීමට යොදාගත්තත්, මෙය වෙනත් කටයුතු සඳහා ද ඉතාමත් හොඳ මාධ්‍යයක්. සමහර විට ඔයාලා දැනටමත් දන්නවා ඇති, ලංකාවේ රතුමකරා FM එක ගැන. Discord මුල් කරගෙන බිහි වුණු ඉතාමත් හොඳ radio network එකක්.

මේ Discord වල Android app එකත් මේ වන විට බොහෝ දෙනෙක් විසින් භාවිතා කරනු ලබනවා. ඉතින් ඔවුන්ගේ desktop app එකේ තිබෙන බොහෝ පහසුකම් මේ Android app එකටත් එකතු කරන්නට ඔවුන් නිරන්තරයෙන්ම උත්සාහ කරනවා.

ඔයා Discord desktop app එක භාවිතා කරනවා නම් දැනටමත් දන්නවා ඇති ඔයා මේ වෙලාවේ play කරන game එක, අහන music track එකේ title එක වගේ දේවල් ඔයාගේ Discord status එකේ පෙන්වන්න සකස් කරන්න හැකියාව තිබෙනවා.

ඔන්න දැන් මේ පහසුකම Discord Android app එකට එකතු කරන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා. මේ අනුව ඔයා ඔයාගේ mobile phone එකේ play කරමින් සිටින game එක හඳුනාගන්නට මේ Discord app එකට හැකියාව ලැබෙනවා.

කොහොම වුණත් මෙය තවමත් අත්හදාබලමින් පවතින පහසුකමක් වන අතර Discord Android app එකේ beta සංස්කරණය හරහා තමයි මෙය නිකුත් කරන්නට කටයුතු කරලා තිබෙන්නේ.

ඉතින් ඔයත් මේ පහසුකම අත්හදා බලන්න කැමති නම්, Google Play Store එක හරහා ඔවුන්ගේ beta program එකට join වෙලා අලුත්ම version එක (7.99) download කරගන් වුවමනා වෙනවා. මේ App එකේ Settings page එකේ Games කියන tab එකේ මීට අදාල setting එක දැකගන්නට ලැබෙන අතර මේ සඳහා ඔයාගේ usage access ලබා දීමට ඔයාට සිදු වෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.