Mi TV Stick එකෙහි අන්තර්ජාලයට එකතු වූ photos, videos සහ benchmarks පිළිබඳව විස්තර අප ඔබව මින් පෙර ලිපියක් මගින් දැනුවත් කිරීමට කටයුතු කලා මතක ඇති.

Xiaomi සමාගම විසින් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත Mi TV Stick එකෙහි benchmarks සහ photos අන්තර්ජාලයට එකතු වෙයි
Xiaomi සමාගමෙහි නව Android TV device එක වන Mi TV Stick එක පිළිබඳව දැනටමත් කිහිපවතාවක්ම තොරතුරු හෙළි වී ඇති අතර දැන් Muritzy.tistory.com[https://muritzy.tistory.com/] නම් blog අඩවිය හරහා Mi TV Stick එකක unboxingphotos කිහිපයක් සහ videos ප්‍රකාශයට පත් කර ඇත. කොහොම නමුත් ජූලි මස 15 වැනි දින දක්වා …

Xiaomi සමාගම විසින් එම Mi TV Stick එක දැන් නිළ වශයෙන් එළිදැක්වීමට කටයුතු කර ඇති අතර ඒ සමඟින්ම 34"ක Mi Curved Gaming Monitor එකක් සහ Mi True Wireless Earphone 2 සංස්කරණය ද එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා.

Mi TV Stick

Mi TV Stick එක Amazon සමාගමේ Fire TV streaming stick එක මෙන් 1080p version එකකින් සහ 4K version එකකින් ලබා ගත හැකි වනු ඇතැයි මුලින් අපේක්ෂා කලද Xiaomi විසින් පසුගිය 15 වැනි දින එළිදැක්වීමට කටයුතු කළේ 1080p version එකක් පමණි.

මෙම TV Stick එක ඔබේ සාක්කුවට ගැළපෙන, අතේ ගෙන යා හැකි streaming stick එකක් වන අතර Mi TV box series එකට සාපේක්ෂව එහා මෙහා යාම පහසු වෙනවා.

Mi TV Streaming Stick එක Android Tv 9.0 සංස්කරණය හරහා බළගැන්වෙන අතර built-in Chromecast එකකින් ද සමන්විත වන බැවින් ඔබගේ දුරකථනයෙන් මෙන්ම අනෙකුත් devices වලින් රූපවාහිනියට පහසුවෙන් content share කිරීමට හැකියාව ලැබෙනවා.

මෙයට Netflix, Prime Video සහ Google Assistant සඳහා dedicated buttons සහිත Bluetooth remote එකක් ද ලබාදෙනු ලැබෙනවා.

Specification sheet එකෙහි සඳහන්ව ඇති ආකාරයට 1GB RAM, 8GB storage සහ quad-core CPU එකකින් මෙය සමන්විත වන අතර, Dolby Audio සහ DTS surround sound සඳහා ද සහාය දක්වන බව Xiaomi සමාගම පෙන්වා දෙනවා.

මේ Mi TV Stick එකෙහි මිල යූරෝ 39.99 ක් වන අතර අනෙකුත් රටවල් වලදී මෙම වටිනාකමට සමාන වන මිලකට අලෙවි කිරීමට Xiaomi සමාගම බළාපොරොත්තු වෙනවා.

Mi Curved Gaming Monitor 34”

Xiaomi සමාගම විසින් මෙම අවස්ථාවේදී ඔවුන්ගේ නවතම Mi Curved Gaming Monitor 34" එක ද එළිදැක්වීමට කටයුතු කළ අතර එය WQHD 3440 x 1440 ක resolution එකක්, 144Hz refresh rate එකක් සහ 21:9 ක aspect ratio එකකින් සමන්විත වෙනවා.

HDMI port ද්විත්වයකින් සහ 121% sRGB color spectrum එකකින් යුතු මෙම Monitor එක යූරෝ 399 ක් ලෙස මිල නියම කර ඇති අතර එය මේ මස අගදී වෙළඳපළ වෙත නිකුත්වනු ඇත.

Mi True Wireless Earphones 2 Basic

Xiaomi සමාගම විසින් Mi True Wireless Earphone 2 Basic නමින් නව TWS earbud යුගලයක් ද එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.

මෙම earbuds යුගලය සඳහා Apple Airpods වලට සමාන design එකක් ලබාදී ඇති නමුත් වෙනස් ආකාරයේ case එකකින් යුක්ත වේ. එමෙන්ම මෙය 14.2mm driver එකකින් සමන්විත වන අතර touch controls සඳහා සහය දක්වනු ලබනවා.

Xiaomi සමාගම සඳහන් කරන ආකාරයට මෙය auto-pair සහ auto-connect සඳහා සහය දක්වන අතර smart in-ear detection පහසුකම ද ඇති බැවින් earbuds යුගලය remove කිරීමේදී එම අවස්ථාවේ play කරමින් සිටි ගීතය ස්ව්‍යංක්‍රීයව pause කිරීමට හැකියාව මෙයට තිබෙනවා.

Mi True Wireless Earphone 2 Basic එකට පැය 5 ක බැටරි ආයු කාලයක් ඇති අතර එයට USB-C charging සඳහා සහය දක්වන case එක සමඟින්, පැය 20 ක් දක්වා ඉහළ බැටරි ආයු කාලයක් ලබාගැනීමට හැකිය.

Crystal clear calls සඳහා Dual-mic Environmental Noise Cancellation යනුවෙන් විශේෂාංගයක් මෙහි අන්තර්ගත වන අතර, Bluetooth 5.0 හරහා සම්බන්ධ වන මෙය, SBC සහ AAC යන audio codecs සඳහාද සහය දක්වනු ලබනවා.

මේ TWS earbuds යුගලයෙහි මිල යූරෝ 39.99 ක් වන නමුත් සීමිත කාලයක් සඳහා යූරෝ 34.99 ක් වැනි මුදලකට අලෙවි කිරීමට කටයුතු කරනු ඇති අතර, මෙය ජූලි මස 20 වැනි දින වෙළඳපළට නිකුත්වීමට නියමිතය.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.