Xiaomi සමාගමෙහි නව Android TV device එක වන Mi TV Stick එක පිළිබඳව දැනටමත් කිහිප වතාවක්ම තොරතුරු හෙළි වී ඇති අතර දැන් Muritzy.tistory.com නම් blog අඩවිය හරහා Mi TV Stick එකක unboxing photos කිහිපයක් සහ videos ප්‍රකාශයට පත් කර ඇත.

කොහොම නමුත් ජූලි මස 15 වැනි දින දක්වා මෙම TV stick එක සක්‍රිය කළ නොහැකි බවද එම blog අඩවිය විසින් සඳහන් කර තිබෙනවා.

මෙහි Box එකෙහි අන්තර්ගත වන්නේ TV stick එක, USB cable එකක්, wall adapter එක, remote එක සහ instruction manuals වන අතර Chromecast, Fire TV සහ වෙනත් මේ හාා සමාන devices වල මෙන්ම Mi TV stick එකද ඔබේ රූපවාහිනිය පිටුපස ඇති USB port එකක් මඟින් බලගැන්වීමේ හැකියාව තිබෙනවා.

Videos වලට අනුව මාර්තු මස 5 security patch level එක සමඟ Android 9 Pie මගින් බළගැන්වෙන මෙහි video output එක 1080p@60FPS වලට සීමා වී ඇති අතර එය වසර 4 ක් පමණ පැරණි Mi Box S එකට වඩා අඩු output එකක් බව දැකගත හැකි වෙනවා.

මෙම Mi TV Stick එකට benchmark applications sideload කිරීමට අදාල blog අඩවියේ author වරයාට හැකි වී ඇති අතර DRM තොරතුරු අනුව stick එක ClearKey CDM 1.1 සහ Widevine L1 යන standard දෙකටම සහය දක්වන බැවින් බොහෝ apps හරහා කිසිඳු ගැටළුවක් නොමැතිව full 1080p content display කළ හැකි බවයි.

Mi TV Stick එකට, Antutu V8 සංස්කරණයේ ලකුණු 36,436 ක් ලබා ගැනීමට හැකියාව ලැබී ඇති අතර එය Mi Box S වලට ලබා ගැනීමට හැකිවූ score එක 31,669 ට වඩා මඳක් ඉහළ තත්ත්වයක් වෙනවා.

දැන් ඉතිරිව ඇත්තේ Xiaomi සමාගම හට මේ stick එක නිල වශයෙන් release කිරීම වන අතර මෙහි මිල මත පදනම්ව, එය Google සමාගම විසින් සංවර්ධනය කරමින් පවතින 'Sabrina' Android TV stick එකට තරගයක් දීමට හැකියාව ලැබෙනු ඇති බව විශ්වාස කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය සහ Muritzy blog අඩවිය (1, 2) භාවිතා කළ හැක.