Facebook Messenger සතුව දැනටම video call පහසුකම පවතින නමුත් එහි එකවර ඇමතුමකට සම්බන්ධ විය හැකි උපරිම සීමාව 6 ක් පමණක් වූ අතර Facebook සමාගම මේ වන විට එම සීමාව 50 ක් දක්වා ඉහළ දැමීම හරහා Messenger Room නම් පහසුකමක් එළිදැක්වීමට සුදානම් වන බව අප ඔබට මිට කලින් වාර්ථා කරලා මතක ඇති.

පුද්ගලයින් 50 දෙනෙකු සමඟ එකවර වීඩියෝ ඇමතුම් ලබාගත හැකි Messenger Room නම් නව පහසුකමක් හඳුන්වා දීමට Facebook සමාගම සූදානම් වේ
COVID 19 වසංගතය [/tag/covid-19/] පැතිරයාමත් සමග ‌‌ලොවපුරා සිටින්නන් තම සම්බන්ධතාවඩාත් සමීපව පවත්වාගෙන යාමට තාක්ෂණය භාවිතයට නැඹුරුව තිබෙන අතර බොහෝමයක් රටවලWhatsApp හා Messenger ගිණුම් අතර ලබාගෙන ඇති video calls සංඛ්‍යාව ‌දෙගුණයකටත්වැඩී වී ඇති බව Facebook සමාගම පෙන්වා දෙනවා. Facebook Messenger සතු…

Facebook සමාගම පවසන්නේ Facebook Account එකක් නොමැති අය වුවද අවශ්‍යනම් මෙම video call සදහා join කර ගැනිම‍ට පහසු කම ඇති බව වන අතර මීට ‍පෙර මෙන්ම ඔබට දෙදෙනෙකු අතර ‍හෝ කණ්ඩායමක් අතර, group calls සහ group video chats සදහාද Messenger භාවිතා කළ හැකිය.

මේ වන විට Messenge app එකේ People යන කොටසට ගියහොත්, ඒ හරහා අලුත් Room එකක් නිර්මාණය කිරීමේ හැකියාව ලබාදී ඇති අතර AR filters සහ virtual backgrounds වැනි features කිහිපයක් ද video call අතරතුර භාවිතය ගත හැකි අන්දමට Facebook සමාගම මෙම පහසුකම නිර්මාණය කර තිබෙනවා.

මෙම Messenger Room හරහා ගනු ලබන ඇමතුම් WhatsApp වල මෙන් end-to-end encrypt කිරීමක් සිදු නොවන නමුත්, මෙම ඇමතුම් වලට සවන්දීම හෝ නැරඹීම සිදු නොකරන බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම අයුතු ලෙස මෙය භාවිතා කරන්නන්ව report කිරීමේ පහසුකමක් ද ලබාදීමට Facebook සමාගම කටයුතු කර ඇති අතර ඉදිරි මාස කිහිපය ඇතුලතදී තවත් පහසුකම් ගණනාවක් ලබාදීමට සූදානමින් සිටින බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මෙම පහසුකම භාවිතා කිරීම සඳහා Facebook සහ Messenger apps වල අලුත්ම සංස්කරණයන් Apple Store හෝ Google Play Store හරහා මෙන්ම Messenger Desktop app එක Microsoft Store හෝ Mac App Store එක හරහා download කරගන්නා ලෙස Facebook සමාගම නිවේදනය කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Facebook Newsroom වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.