Strategy Analytics ආයතනය විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵල අනුව Samsung සමාගමේ Smasung Galaxy A51 ජංගම දුරකථනය 2020 වර්ෂයේ ලොව වැඩියෙන්ම අලෙවි වී ඇති Android ජංගම දුරකථනය ලෙස වාර්ථා වී තිබෙනවා.

මේ Galaxy A51 ජංගම දුරකථන ඒකක මිලියන 6ක් වෙළඳපොලට නිකුත් කිරීමට Samsung සමාගම සමත් වී ඇති අතර ‍Redmi 8 ජංගම දුරකථනය මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසු වෙනවා.

‌‌මේ ජංගම දුරකථන ලැයිස්තුව පිරීක්සූ විට ලොව වැඩියෙන්ම අලෙවි වූ ජංගම දුරකථන 6 ඇතුලත Smasung සමාගමේ ජංගම දුරකථන 4ක් සහ Xiaomi සමාගමේ ජංගම දුරකථන 2ක් ඇතුලත් වන බව දැකගත හැකි අතර, මේ අතරින් flagship device එකක් වන්නේ Samsung Galaxy S20+ ජංගම දුරකථනය පමණි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Bussiness Wire වෙබ් අඩවිය, Gadgets 360 වෙබ් අඩවිය හා GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.