Facebook සමාගම විසින් ඔවුන්ගේ Messenger සේවාවට නව පෙනුමක් සහ අලුත් logo එකක් එකතු කිරීමට කටයුතු කර ඇති අතර තවත් අලුත් පහසුකම් කිහිපයක් ද එයට එකතු කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව ඔවුන්ගේ නිළ Messenger Newsroom එක හරහා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ Instagram සහ Messenger අතර cross-app communication සේවාව ද මේ සමඟින් ලබාදීමට කටයුතු කරනු ලබන බවයි.

කොහොම නමුත් මෙම පහසුකම මූලිකව උතුරු ඇමෙරිකානු පරිශීලකයින් හට ලබාදීමට කටයුතු කරනු ඇති අතර ක්‍රමයෙන් ලොව පුරා අනෙකුත් පරිශීලකයින් හට ලබාදෙනු ඇත.

මීට අමතරව බිලියනයකට අධික පරිශීලකයින් අතුරින් මිලියන 10ක් පමණ දිනපතා ඔවුන්ගේ conversations customize කරනු ලබන බැවින්, අලුත් logo එකට සහ default chat color එකට අමතරව chat themes සහ custom reactions පහසුකම ද හඳුන්වාදීමට කටයුතු කර ඇති බව Facebook ආයතනය පෙන්වා දෙනවා.

එමෙන්ම ඉදිරියේදී selfie stickers සහ WhatsApp වලට එකතු කිරීමට සූදානම් වන Disappearing Messages ආකාරයේ පහසුකමක් වන vanish mode එක ඇතුළු තවත් පහසුකම් රැසක් ලබාදීමට ද කටයුතු කරනු ලබන බව Facebook සමාගම වැඩිදුරටත් වාර්ථා කරනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Messenger Newsroom එක, The Verge වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.