මොනවාහරි දැනටමත් print කරලා තිබෙන දෙයක් ගැන කරුණු දැනගැනීමට වුවමනා වුණු වෙලාවට, ඒ ගැන අන්තර්ජාලය හරහා කරුණු සොයාගැනීමට අවශ්‍යය නම් බොහෝ වෙලාවට අපි කරන්නේ එයින් කොටසක් type කර search කරන එකයි.

නමුත් Microsoft සමාගම විසින් දැනටමත් print කර ඇති යමක් scan කොට, එය පහසුවෙන් search කිරීමට හැකියාව ලබා දෙන පහසුකමක් iPhone භාවිතා කරන්නන් වෙනුවෙන් නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා.

මේ හරහා Camera එක භාවිතා කර අදාල text එක scan කළ හැකි අතර එම text එක copy කර search කිරීමට අදාල පරිශීලකයාට අවස්ථාව ලැබෙනවා.

iOS සඳහා වන Bing Search app එකේ අලුත්ම සංස්කරණය වන 6.31 සංස්කරණයෙහි කොටසක් ලෙස ලබා දෙනු ලබන මේ පහසුකම හරහා ඉහත සඳහන් කළ පහසුකම මෙන්ම iPhone XS, XS Max සහ XR මාදිලි සඳහා සහාය දැක්වීම ද එකතු කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා iTunes වෙබ් අඩවිය භාවිතා කළ හැක.