OnePlus සමාගම විසින් වසර කිහිපයකට පසු mid-range ජංගම දුරකථනයක් එළිදැක්විමට සූදානමින් සිටින බව අප මීට පෙර ඔබව දැනුවත් කළා මතක ඇති.

OnePlus Z ජංගම දුරකථනය ජූලි මස 10 වැනි දින ඉන්දියාවේදී එළිදැක්වීමට සූදානම් වෙයි
OnePlus Z ජංගම දුරකථනය Snapdragon 765G chipset එකක්[https://www.qualcomm.com/products/snapdragon-765g-5g-mobile-platform] මගින්බළගැන්වෙන බව මීට පෙර අපි ඔබව දැනුවත් කලා මතක ඇති. OnePlus සමාගමේ අලුත්ම mid-range ජංගම දුරකථනය වන OnePlus Z Snapdragon 765chipsetඑකකින් සමන්විත වන ලකුණුOnePlus 8 ජංගම ද…

මේ වන විට OnePlus Z එහෙමත් නැත්නම් OnePlus Nord යනුවෙන් හඳුන්වන ජංගම දුරකථකනයෙහි front camera එක පිළිබඳ අලුත් තොරතුරු කිහිපයක් අන්තර්ජාලයට එකතු වී තිබෙනවා.

Android Central වෙබ් අඩවිය වාර්ථා කරන අන්දමට OnePlus Nord ජංගම දුරකථකනයේ dual front camera module එකක් ඇති අතර, එය Huawei P40 series එකේ මෙන් 32MP primary කැමරාවකින් සහ 8MP secondary කැමරාවකින් සමන්විත වනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම OnePlus Nord ජංගම දුරකථකනය දළ වශයෙන් ඉන්දියානු රුපියල් 24,990 ($330)ක් වැනි මුදලකට ලබාගැනීමට හැකියාව පවතින බවටද වාර්ථා වන අතර 6GB RAM එකක් සහ 128GB internal storage එකකින් මෙම දුරකථනය සමන්විත වෙනවා.

OnePlus සමාගමේ අලුත්ම mid-range ජංගම දුරකථනය වන OnePlus Z Snapdragon 765 chipset එකකින් සමන්විත වන ලකුණු
OnePlus 8 ජංගම දුරකථනය පසුගියදා නිකුත් කිරීමට OnePlus සමාගම කටයුතු කළ අතර මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය මොවුන්ගේ mid-range ජංගම දුරකථනයක් වන OnePlus Z ජංගමදුරකථනය දෙසට යොමු වී තිබෙනවා. මේ OnePlus Z ජංගම දුරකථනය පිළිබඳව මෙතෙක් වාර්ථා වු කරුණු අනුව පෙනි ගියේ එයMediaTek Dimensity 1000L chipset එකකින්…

මිට පෙර අවස්ථාවකදී අප ඔබව දැනුවත් කළ පරිදී මෙම දුරකථනය සඳහා Snapdragon 765 chipset හරහා බළගැන්වීමට ද OnePlus සමාගම කටයුතු කර තිබෙන අතර බොහෝ දෙනා මත පළ කරන්නේ මේ mid-range ජංගම දුරකථනය Google සමාගමේ Pixel 4a ජංගම දුරකථනයේ අලෙවියට බළපෑමක් ඇති කරනු ඇති බවයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Central ‍‍වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය, Pocket Now වෙබ් අඩවිය, My Smart Price වෙබ් අඩවිය භාවිතා කළ හැක.