ගම්පහ බණ්ඩාරනායක විද්‍යයාලයේ පැවති x-ban ප්‍රදර්ශනයේදී ගිහාන් හෙට්ටිආරච්චි නම් ශිෂ්‍යයා විසින් නිර්මාණය කෙරුණු අපූරු රොකට්ටුවක් ගැන මුලු ලංකාවේම ඉතාමත් ප්‍රසිද්ධියට පත් වුණා.

ඉතින් මෙහු පවසා සිටි අන්දමට මෙය 20 Km පමණ දුරක් යැවිය හැකි අතර ඔහුට අවශය්‍යව තිබුනේ මෙය ගුවන් ගත කිරීමට අවශය අවසරය හා මුදල් සොයා ගැනීමටයි.

ඉතින් මේ ප්‍රදර්ශනය විවෘත කිරීමට පැමිණ ජනාධිපතිවරයා ඔහුගේ මේ අපූර්ව උත්සාහය දැක කියා සිටියේ මේ සදහා අවශය අවසර සහ මුදල් ලබාදීමට තමන් සූදානම් බවත් මෙය නොබියව ගුවන් ගත කිරීමට කටයුතු කරන ලෙසත් ය.

මේ අනුව ඔහුගේ සිහිනය සැබෑ කරගැනීමට ජනාධිපතිවරයාගේ සහාය ලද ඔහු ඉතාමත් නුදුරු දිනකදී ඔහුගේ රොකට්ටුව කල්පිටිය වෙරලේදී ගුවන්ගත කිරීමට අවශ්‍යය කටයුතු සූදානම් කරමින් පවතින බව දැනගන්නට ලැබෙනවා.


ඉතින් මෙවැනි දක්ෂයින් තම නව නිර්මාණයන් පිළිබඳව ලෝකයට කියාගන්නට නොහැකිව තවත් කොතරම් ප්‍රමාණයක් ලංකාව තුල සිටිනවා ඇත් ද?

මේ පිළිබඳ අවධානයෙන් පසු වූ අපිට නුවර ප්‍රදේශයේ ජීවත් වන, ලංකාවේ නාමය ලෝකයට ගෙන යන්නට වෙර දරන තවත් මෙවැනිම දක්ෂ නව නිපැයුම්කරුවෙකු ගැන දැනගන්නට ලැබුණා.

ඔහු නමින් ඉසුරු තෙන්නකෝන් වන අතර වලල, ඒ. රත්නායක විද්‍යයාලයේ ඉගෙනුම ලත් ඔහු මීට වසර එකහමාරකට පමණ ප්‍රථමව ඔහුගේ පළමු රොකට්ටුව නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බව දැනගන්නට ලැබෙනවා. 2017 වර්ෂයේ පෙබරවාරි මස 17 වැනිදා සිය පාසලේ පැවති Techinmaits ප්‍රදර්ශනයේදී මෙය එළිදැක්වීමට කටයුතු කළ ඔහු, එම ප්‍රදර්ශනයේ හොඳම නිර්මාණයට හිමි සම්මානය පවා දිනාගන්නට සමත් වුණා.

මෙහු නිර්මාණය කල රොකට්ටුව

පැවති මුදල් අගහිඟකම් නිසාවෙන්ම මෙම ර‍ොකට්ටුව නිර්මාණය කිරීම සඳහා බොහෝමයක් ඉවතලන දේවල් භාවිතා කරන්නට කටයුතු කර තිබෙන අතර ‍ඔහු ප්‍රකාශ කරන අන්දමට මෙය 4.8KM පමණ උසකට යවා නැවත නිරුපද්‍රිතව ගොඩබැස්සවීමට හැකියාව තිබෙන අතර මෙය ගමන් කරන උස මැනගැනීමටද මෙම රොකට්ටුවට හැකියාව තිබෙනවා.

මේ රොකට්ටුවට භාවිතා කළ ignition engine එක ඔහු විසින්ම නිර්මාණය කරන ලද එකක් වන අතර ඒ සඳහා භාවිතා කළ රසායනික ද්‍රව්‍යය ලබාගැනීම සඳහා රජයේ පුපුරණ ද්‍රව්‍යය සඳහා ලබාගන්නා ලද බලපත්‍රයක් යටතේ ලබා ගන්නට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මොහු තම රොකට්ටුවට අමතරව අපි කවුරුත් දන්න arduino හරහා Robot කෙනෙකුත් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා.

කොහොම නමුත් මොහුගේ මේ දක්ෂතාවයන් වලට කණකොකා හඬවමින්, සිහිනයන් බොඳවී යන්නේ ඔහු විසින් මේ සිදු කරනු ලැබූ අත්හදාබැලීම් වලට රජය විසින් අවසර නොදීම හේතුවෙන් බව ඉතාමත් කනගාටුවෙන් ඔහු අප වෙත පවසා සිටියා.

ගුවන් හමුදාවට, සිවිල් ගුවන් සේවා අධිකාරියට මේ ගැන දැන්වීමට කටයුතු කළ පසු ඔහු විසින් මේ රොකට්ටුව ගුවන් ගත කිරීම සඳහා භාවිතා කළ රොකට් එන්ජින් එක දින තුනක් ඇතුලත විනාශ කර දමන ලෙස උපදෙස් ලැබී ඇති බව දැනගන්නට ලැබෙනවා.

මේ හේතුව නිසාවෙන් අන්තර්ජාලයට හෝ වෙනත් මාධ්‍යයකට මේ ගැන හෙලි කිරීමට ඔහු මැලි වී ඇති අතර පසුගිය දින කිහිපයේ නැවතත් කරලියට ආ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ එළිදැක්වීමත් සමඟ මේ පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමු වේවි යැයි ඔහු තුල බළාපොරොත්තුවක් පවතිනවා.


මෙවැනි දක්ෂයන්ගේ අවශ්‍යයතාවය අපේ රටට කිසිදිනකටත් වඩා මේ වන විට දැනී ඇති අතර ඔවුන් හට අත දීමට සුදුසුම කාලය දැන් පැමිණ තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා mawbima වෙබ් අඩවිය, ඉසුරු තෙන්නකොන් YouTube channel එක හා ඔහුගේ Facebook ගිණුම භාවිතා කළ හැක.