Android Pie නිළ වශයෙන් නිකුත් කිරීමට Google සමාගම කටයුතු කළ අවස්ථාවේදී ඊට අදාල custom ROM ගැන කෙටියෙන් සඳහන් කලා සමහර විට ඔයාලට මතක ඇති.

Android කියන්නේ Open source operating system එකක් වශයෙන් හැඳින්වුවත් එහි තේරුම විමසූ විට ගොඩ දෙනෙගේ පිළිතුර වන්නේ "අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්", යන්නයි.

එය යම් ආකාරයකින් නිවැරදි වුවත් බහුතරයක් ජංගම දුරකථන භාවිතා කරන පිරිස මෙහෙයුම් පද්ධතියක් තමන්ට අවශ්‍යය ආකාරයට වෙනස් කර තමන්ගේ device එකට install කරගන්න තරම් තාක්ෂණික දැනුමක් ඇති පිරිසක්නොවන බව අපි කවුරුත් දන්නවා.

කොහොම වුණත් Android වල මේ open source යන විශේෂත්වය නිසාවෙන් එය භාවිතා කරන්නන්ට ලැබෙන විශේෂ වාසි වලින් එකක් තමයි, මීට අදාල දැනුම තිබෙන ලොව පුරා ජීවත් වෙන developer community එක විසින් ජංගම දුරකථන විශාල ප්‍රමාණයකට තනි තනිව Android වල අළුත්ම version එක port කිරීම, එහෙමත් නැතිනම් ඊට අදාල ලෙස සකස් කිරීමට කටයුතු කිරීම.

අදාල දුරකථන සමාගම විසින් updates ලබා නොදී අතහැර දමන ලද විශාල ජංගම දුරකථන වර්ග ප්‍රමාණයකට අළුත් Android flavor එකේ රස බළන්නට ලැබෙන්නේ මේ Android වටා එකතු වී සිටින අති විශාල developer community එක නිසයි.

විශේෂයෙන්ම Nexus 5X, OnePlus One වැනි පැරණි phone එකක් ගත්විට මේවායේ hardware අතින් අළුත් Android මෙහෙයුම් පද්ධතිය ධාවනය කිරීමට තරම් බාධාවක් වන තත්ත්වයක් පෙනෙන්නට නැහැ. අළුත් sensors නැති එක වත්, තත්ත්වයෙන් උසස් display එකක් නැති එකවත්, dual camera නැති එකවත් ගැන නෙවෙයි මම මෙතනදී අදහස් කරන්නේ, chipset එක, RAM එක සහ processing power එක ගැනයි.

කොහොම නමුත් මේ හේතුව නිසා අළුත් Android version එකක් නිකුත් වූ සැනින් අර කලින් කී developer community එක විසින් Android Open Source Project එහෙමත් නැතිනම් AOSP කියන ජනප්‍රිය නමින් හැඳින්වෙන ව්‍යාපෘතිය හරහා source code එක ලබාගෙන තම තමන් කැමති ජංගම දුරකථන වලට අදාල ලෙස එය build කිරීමට කටයුතු කරනු ලබනවා.

මේ හරහා ලොව පුරා ජංගම දුරකථන විශාල සංඛ්‍යාවක් භාවිතා කරනු ලබන පිරිසකට නිළ නොවන, නමුත් අළුත්ම Android මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට අවස්ථාව ලැබෙන නමුත්, සමහර අවස්ථා වලදී මෙසේ නිර්මාණය කරනු ලබන ROM වල, විවිධ අඩු ලුහුඩුකම් මුල් කාලයේදී දකින්නට ලැබුණත්, මාස කිහිපයක් පුරාවට ඒ වටා එක් රොක් වී සිටින පිරිසගේ දායකත්වයෙන් මේ ROM එකක් එදිනෙදා භාවිතා කළ හැකි තත්ත්වයට ගෙන ඒමට හැකියාව ලැබෙනවා.

ඉතින් මේ ආකාරයට Android 9 එහෙමත් නැතිනම් Android Pie වල ROM ලැබී ඇති devices ප්‍රමාණය දිනපතාම ඉහළ යමින් පවතිනවා. මේ වන විට මේ හැම ROM එකක්ම පාහේ beta/පරීක්ෂණ මට්ටමේ තිබෙන නමුත්, ඔයාගේ device එක පරණ එකක් නම්, අළුත් එකක් ගන්න මුදල් නැති නමුත් අළුත් Android 9 මෙහෙයුම් පද්ධතිය ඔයාගේ device එකේ ධාවනය කරලා බලන්න ආසයි නම් ඔන්න දැන් ඒකට අවස්ථාව තිබෙනවා.

මේ වන විට නිළ වශයෙන්

Essential Phone, Google Pixel, Google Pixel XL, Google Pixel 2, Google Pixel 2 XL, Nokia 7 Plus, OnePlus 6, OPPO R15 Pro, Sony Xperia XZ2, Vivo X21UD, Vivo X21, Xiaomi Mi Mix 2S

යන devices වලට Android Pie ලැබී ඇති අතර, පහතින් දක්වා ඇති devices වලට නිළ නොවන, මම පෙර සඳහන් කළ ආකාරයේ custom ROM එකක් මගින් Android Pie නිකුත් වී තිබෙනවා.

Asus

Google

Honor

Huawei

LeEco

Lenovo

Motorola

OnePlus

Samsung

Sony

Xiaomi

Yu

ZTE

Source: XDA