පසුගිය දිනක Pew Research Center නමැති ආයතනය විසින් කරනු ලැබූ සමීක්ෂණයකට අනුව තරුණ තරුණියන් 54%ක් දෙනා ජංගම දුරකථන භාවිතයට මෙන්ම සමාජ ජාල apps භාවිතයට ඇබ්බැහි වී සිටින බව පෙන්වා දෙනවා.

කොහොම වුණත් මෙයින් 52%ක පමණ ප්‍රමාණයක පිරිසකට තමන්ගේ ජංගම දුරකථන භාවිතය නවත්වාගැනීමේ අවශ්‍යතාවයක් ඇති අතර, ඒ අතරින් 57%ක් දෙනා සමාජ ජාල භාවිතා කිරීමෙන් වැලකී සිටීමට උත්සාහ කරනු ලබනවා. එමෙන්ම තවත් 58% ක ප්‍රමාණයක් video games වලින් වැලකී සිටීමට උත්සාහ කරනු ලබනවා.

මෑත කාලීනව නිර්මාණය කරනු ලැබූ apps හා games විශාල ප්‍රමාණයක් තම භාවිතා කරන්නන්ගේ අවධානය නිතරම ලබා ගැනීම වෙනුවෙන් Notification මඟින් දැනුම් දීමට කටයුතු කරන අතර, යම් යම් අවස්ථා වලදී භාවිතා කරන්නාව නිතරම රඳවා තබා ගැනීම වෙනුවෙන් අදාල app එක හෝ game එක open කරනු ලබන සෑම වාරයක් පාසා ම යම්කිසි reward එකක් ලබා දී dopamine වලින් ගතහැකි උපරිම ප්‍රතිඵලය ලබා ගැනීමට උත්සාහ කරනු ලබන බවක් දැකගන්නට පුළුවන් වෙනවා.

මෙය app developers ලා ඇතුලු ව්‍යාපාරික ප්‍රජාවට ඉතාමත් හොඳ තත්ත්වයක් වුවත් භාවිතා කරනු ලබන අපට මෙන්ම මුළු මහත් සාමාජයටම මෙය ඉතාමත් නරක තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ.

කොහොම නමුත් මේ වන විට Google, Apple සහ Facebook වැනි ආයතන මේ Digital wellbeing වෙනුවෙන් විවිධ ආකාරයේ වෙනස්කම් සිදු කරමින් පවතිනවා.

එමෙන්ම ඉහත කී සමීක්ෂණය හරහා පෙන්වා දෙන පරිදි මේ වන විට තරුණ තරුණියන් විසින් තමන්ගේ මේ ඇබ්බැහිය ගැන දැනුවත් වී සිටින අතර එයින් මිදීමට මගක් සොයමින් පසු වෙනවා.