T-Mobile Hacked - මිලියන 2ක පරිශීලක දත්ත සොරාගනී

කතුවරයා
Eranda Dayawansa
Save කරන්න
Share කරන්න

    සන්නිවේදන සහ ජාල සම්බන්ධතා ලබාදෙන ප්‍රමුඛ පෙළේ ඇමෙරිකානු සමාගමක් වූ T-Mobile සමාගමේ පරිගණක ජාලයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    එම සයිබර් ප්‍රහාරයෙන් T-Mobile සමාගමේ සේවාවන් ලබාගන්නා මිලියන 2කට වඩි පාරිභෝගිකයන්ගේ දත්ත ඔවුන්ට අහිමි වී තිබෙන බවයි වාර්ථා වන්නේ.

    මෙම දත්ත සොරාගැනීමේදී අදාළ පාරිභෝගිකයාගේ නම, billing zip code එක, දුරකථන අංකය, ඊමේල් ලිපිනය, ගිණුම් අංකය මෙන්ම එය පෙර ගෙවුම් හෝ පසු ගෙවුම් පැකේජයක්ද යන තොරතුරු ලබාගෙන තිබෙනවා.

    නමුත් හැකර්වරුන්ට පාරිභෝගිකයන්ගේ ණයකාඩ් පත් පිළිබද තොරතුරු ලබාගැනීමට නොහැකි වී ඇති බව T-Mobile සමාගම පවසනවා. ඔවුන්ගේ මිලියන 77ක් පමණ වන පාරිභෝගිකයන්ගෙන් 3% පමණ පිරිසක් මෙම ප්‍රහාරයට හසු වී තිබෙන බවයි පෙනී යන්නේ.