පසුගියදා පැවැත්වුණු CES 2019 සමුළුව අතරතුරදී Uber සහ Bell සමාගම් වලින් ප්‍රදර්ශනය කරන්නට කටයුතු කළ Air-Taxi එක පිළිබඳව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න මේ CES 2019 සමුළුව අතරතුරදී ම Lenovo සමාගම විසින් Yoga S940 නමින් හඳුන්වන ඔවුන්ගේ අලුත්ම AI පාදක කරගෙන නිෂ්පාදනය කරන ලද Laptop පරිගණකයක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබුණා.

මෙහි විශේෂත්වය වූවේ අපි පරිගණකය භාවිතා කරමින් ඉන්නා අවස්ථාවේදී වෙනත් කෙනෙකු එහි screen එකට එබී බළන්නට තැත් කළහොත් ඒ පිළිබඳව භාවිතා කරන්නාව දැනුවත් කිරීමේ හැකියාව මේ Laptop එක සතු වීමයි.

ඒ වගේම external monitor එකක් භාවිතා කරනවා නම් භාවිතා කරන්නාගේ ඇස් වල හැසිරීම අනුව පෙන්වමින් සිටින content එක පාළනය කිරීමටත් මේ කෘතීම බුද්ධිය පාදක කරගත් පරිගණයකට හැකියාව තිබෙනවා.

මීට අමතරව පරිශීලකයා විසින් video call එකක් ලබාගැනීමේදී ඔහු සිටිනා ස්ථානය හඳුනාගෙන අවටින් එන සියළුම අනවශ්‍යය ශබ්ධ ඉවත් කිරීමටත් මෙයට හැකියාව තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

මේ Laptop එක බළගැන්වෙන්නේ Windows 10 මෙහෙයුම් පද්ධතියෙන් වන අතර, Windows Hello හරහා Password එකක් භාවිතා නොකර Face Unlock ක්‍රමයට තමන්ගේ පරිගණකයට පිවිසීමේ හැකියාවත් ලබා දීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මෙම පරිගණකය තවමත් වෙළඳපොලට නිකුත් කර නොමැති අතර මේ වසරේ මැයි මාසය වන විට මෙය වෙළඳපොලට නිකුත් කිරීමට ඔවුන් බළාපොරොත්තු වන බව Lenovo සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා CNET වෙබ් අඩවිය භාවිතා කළ හැක.