ඔබ නිතර අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කරන අයෙකුනම් මේ වන වි‍ටත් ඔබ අන්තර්ජාලය හරහා භාවිතා කරන විවිධ සේවාවන් සඳහා account සාදාගෙන ඇති. සමහර විට ඔබට මේ වෙද්දි ඔබ යොදා ඇති password මතක තබා ගැනීම තරමක් අපහසු කාර්යයක් වෙන්න පුළුවන්.

මේ ගැටළුව මගහරවා ගැනීම සඳහා අපට password manager සේවාවන් භාවිතා කිරීමට හැකියාව ලැබෙන අතර මෙම ලිපිය මගින් ඔබට දැනට පවතින හොඳම password manager සේවාවන් කිහිපයක් පිළිබඳව දැනගන්න පුළුවන්.

Password Manager සේවාවක් යනු, ඔබ භාවිතා කරන mobile device, websites සහ වෙනත් සේවාවන්හි app සහ account වෙත login වීමට භාවිතා කරන password සහ login information ගබඩා කරන encrypted digital vault එකක් විදියට හඳුන්වාදෙන්න පුළුවන්.

ඔබගේ login information සුරක්ෂිතව තබා ගැනීමට අමතරව, හොඳ password manager සේවාවකට strong password එකක් generator කිරීමට, ඔබ එකම password එක ස්ථාන කිහිපයක භාවිතා නොකරන බවට සහතික කිරීම වැනි ඔබගේ account සුරක්ෂිත කරගත හැකි අයුරින් ක්‍රියා කරයි.

තවද, password manager සේවාවක් භාවිතා කරන විට credit card තොරතුරු හෝ shipping addresses වැනි විවිධ තොරතුරු ඔබට මතක තබා ගත යුතු නැත. එක් ප්‍රධාන password එකකින් හෝ සමහර අවස්ථාවලදී PIN එකක් හෝ ඔබේ fingerprint එක මඟින් ඔබට form එකක් auto fill කරගැනීමටද පුලුවන්.


Best free password manager

LastPass
  • මුදල් ගෙවිමකින් තොරව මෙහි free version එක භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.
  • අවශ්‍යය නම් මසක‍ට ඇමරිකානු ඩොලර් 3 ක මුදලක් ගෙවා Premium පහසුකම් භාවිතා කරන්න පුළුවන්.
  • Windows, MacOS, Linux, Android, iPhone සහ iPad සදහාද මෙම සේවාව සහාය දක්වන අතර Chrome, Firefox, Safari, Internet Explorer, Edge සහ Opera වැනි web browser සඳහා Browser extension එකක් ලෙසද භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.

LastPass හි free version එක මෙම කාණ්ඩයේ හොඳම password manager සේවාව ලෙස කැපී පෙනෙන අතර password, user login info ගබඩා කිරීමට සහ ජංගම උපාංග සහ Browser එක හරහා ඔබට අවශ්‍ය ඕනෑම තැනකදී sync කිරීමට ඔබට හැකියාව ලබා දෙනවා. අවශ්‍යනම් ඔබට වෙනත් පුද්ගලයෙකු සමඟ login information share කරගැනිමේ හැකියාවද මෙහිදී ලබාදී ති‍බෙනවා.

LastPass හි Premium version එක මිලදී ගතහොත් ඔබට තවත් අමතර පහසුකම් ලැබෙන අතර ඒ පිළිබඳ වැඩි විස්තර ඔබට LastPass හි නිළ වෙබ් අඩවියට පිවිසිම මගින් දැනගන්න පුලුවන්.

#1 Password Manager & Vault App, Enterprise SSO & MFA | LastPass
Try the best password manager for free! Generate strong passwords and store them in a secure vault. Now with enterprise SSO and adaptive MFA that integrates with your apps.

Best subscription password manager

1Password
  • දවස් 30 ක Trial version එකක් ලබාදී ති‍බෙනවා.
  • මෙම සේවාව භාවිතා කිරීම සඳහා මසකට ඇමරිකානු ‍‍‍ඩොලර් 2.99 වැනි මුදලක් ගෙවිය යුතු වෙනවා.
  • Windows, MacOS, Linux, Chrome OS, Android, iPhone සහ iPad යන උපාංග සඳහා මෙන්ම Chrome, Firefox, Safari, Edge සහ Opera වැනි web browser සඳහා Browser extension එකක් ලෙසද භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.

ඔබගේ login information පුද්ගලිකව සහ ආරක්ෂිතව තබා ගැනීම සඳහා ඔබ විශ්වාසදායක password manager සේවාවක් සොයන්නේ නම්, 1Password එම කාර්යය සඳහා හොඳම password manager සේවාව වන අතර, එක් ප්‍රධාන password එකක් සමඟ ඔබේ accounts සහ services වෙත ප්‍රවේශ වීමට ඔබට ඉඩ සලසයි.

එමෙන්ම ඔබට 1password Password Manager සේවාව ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට පිවීසීමට හැකියාව තිබෙනවා.

Password Manager for Families, Businesses, Teams | 1Password
1Password remembers your passwords all for you. Save your passwords and log in to sites with a single click. It’s that simple.

නොමිලේ ලබා දෙන හෝ මිලදි ගත යුතු අනෙකුත් password manager සේවාවන්

Bitwarden
  • මුදල් ගෙවිමකින් තොරව මෙහි free version එක භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.
  • Premium පහසුකම් ලබාගැනීම සඳහා වසරකට ඩොලර් 10 මුදලක් ගෙවිය යුතුය.
  • Windows, MacOS, Linux, Android, iPhone සහ iPad උපාංග සඳහාද, Browser extension එකක් ලෙස Chrome, Firefox, Safari, Edge, Opera, Vivaldi, Brave සහ Tor වැනි Browser සඳහාද සහාය දක්වනවා.

අප මුලින් සඳහන් කළ පහසුකම් මෙම සේවාව සතුවද ඇති අතර ඔබට අවශ්‍යනම් Bitwarden හි නිළ වෙබ් අඩවියට පිවිසිම මගින් ඒ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට හැකියාව තිබෙනවා.

Bitwarden Open Source Password Manager
Bitwarden, the open source password manager, makes it easy to generate and store unique passwords for any browser or device. Create your free account on the platform with end-to-end encryption and flexible integration options for you or your business.
Dashlane
  • Limited free version එකක් ලබාදෙයි. (එක් account එකක් සඳහා passwords 50 පමණක් භාවිතා කළ හැක.)
  • Premium පහසුකම් ලබාගැනීම සඳහා මසකට ඩොලර් 3.33 ක මුදලක් ගෙවිය යුතුය.
  • Windows, MacOS, Android, iPhone සහ iPad යන උපාංග සඳහාද, Browser extension එකක් ලෙස Chrome, Firefox, Safari, Internet Explorer, Edge සහ Opera වැනි Browser සඳහාද භාවිතා කළ හැක.

ඔබගේ passwords manage කිරීමට සහ වෙනත් login information ගබඩා කර තැබීමට Dashlane සරල සහ ආරක්ෂිත වෙනවා මෙන්ම මෙහිදීද 1Password සහ LastPass හි ඇති Premium subscription plans සමාන වෙනවා.

ඔබට Dashlane Password Manager සේවාව ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍යනම් ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.

KeePassXC
  • නොමිලේ භාවිතා කළ හැක.
  • Donations ලබාදීමට හැකියාව පවතිනවා.
  • Windows, MacOS, Linux, Chrome OS, Android, iPhone සහ iPad, BlackBerry, Windows Phone සහ Palm OS වලදී හා web එක මගින් භාවිතා කිරීමට හැකියාව පවතිනවා.

KeePass යනු open-source password manager software එකක් වන අතර මෙම සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ භාවිතයට ගන්න පුලුවන්. එමෙන්ම Electronic Frontier Foundation එක විසින් මෙම සේවාව අනුමත කර තිබෙනවා.

ඔබට KeePassXC ගැන වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යනම් ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.

KeePassXC Password Manager

මේ වගේ තවත් password manager සේවාවන් සහ apps ගැන තවත් විස්තර ඔයත් දන්නවා ඇති. ඉතින් ඔයා දන්න කරුණු තියෙනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.