මේ වෙනකොට ඇමරිකාවේ තිබෙන විශාලම සුපිරි වෙළඳසැල් ජාලය වන Kroger කියන සමාගම Nuro කියන ආයතනයත් එක්ක එකතු වෙලා ලෝකයේ ප්‍රථම වතාවට සම්පූර්ණ වශයෙන්ම රියදුරන් රහිත delivery service එකක්, එහෙමත් නැතිනම් බෙදාහැරීමේ සේවාවක් ආරම්භ කරන්න සූදානම් බවට මේ වන විට නිවේදනය කර තිබෙනවා.

පටන්ගැන්මක් වශයෙන් මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හදිසි අවස්ථා කළමණාකරණය කරගැනීමට පමණක් තාවකාලිකව රියදුරෙකු සහිතව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කරනු ලබන අතර තමන් මිළදීගත් භාණ්ඩ තම නිවසට පැමිණෙන ආකාරය Nuro app එකෙන් හරි එහෙමත් නැතිනම් Kroger එකේ online delivery platform එක මගින් හරි track කිරීමේ පහසුකම පාරිභෝගිකයන්ට ලැබෙනවා.

Nuro-Kroger-driverless-delivery-techie

නමුත් භාණ්ඩ නිවසට පැමිණි විට එය බාගැනීමට ඇතුලත සිටින තාවකාලික රියදුරුගේ සහායක් නොලැබෙන බවත් මොවුන් ප්‍රකාශ කරනවා. මෙම තාවකාලික රියදුරා නුදුරු අනාගතයේදීම එම ආසනයෙන් ඉවත් වීමට නියමිත බැවින් තම පාරිභෝගියන් එයට හුරු කිරීම සඳහා එසේ කිරීමට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙනවා.

මේ සඳහා R1 කියන codename එකෙන් හඳුන්වන විශේෂයෙන්ම මෙම රියදුරන් සහිත බොදාහැරීම උදෙසාම නිර්මාණය කරන ලද වාහනයක් භාවිතා කිරීමට Nuro සමාගම කටයුතු කරන අතර මෙහි ප්‍රමාණය සාමාන්‍යය වාහනයකට වඩා මදක් කුඩා වන අතර එය camera, radar සහ laser sensors වැනි අධිතාක්ෂණික උපාංග රැසකින් සමන්විත වෙනවා.

nuro_web_usecases

මේ Nuro කියන ආයතනය අළුතින් ආරම්භ කරන ලද ආයතනයක් වන අතර Kroger සමාගම සතුව ප්‍රාන්ත 35ක් පුරා පැතිරුණු සුපිරි වෙළඳසැල් 2,800 හරහා දිනකට පාරිභෝගිකයින් මිලියන 9කට සේවා සැපයීමේ අවස්ථාව මේ සමඟින් ඔවුන්ට ලැබෙනවා. මේ අතරින් තුනෙන් එකක් පමණ ම පාරිභෝගිකයින් මෙම බෙදාහැරීමේ සේවාව ලබාගනු ඇති බවටද Kroger සමාගම වෙනුවෙන් Yael Cosset මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනවා.