LG සමාගම OLED (organic light-emitting diode) displays නිපදවීම ආරම්භ කරයි. ඇතැම් වාර්ථා වලට අනුව ප්‍රථම OLED displays තොගය මෙම අවුරුද්දේ සැප්තැම්බරය වන විට වෙළදපලට ලගා වීමට නියමිතයි.

මේ හේතුව නිසා ඇපල් සමාගමට සැම්සුන්ග් සමාගම මත්තේම නොයැපී LG සමාගමෙන් ද OLED displays ලබාගැනීමට හැකි වෙනවා. වාර්ථා වලට අනුව මුල් කාර්තුවේදී OLED displays මිලියන 2-4 ක් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට නියමිතව තිබෙන අතර එම ප්‍රමාණය සීග්‍රයෙන් පැමිණෙන කාර්තු වලදී ඉහල දැමීමට කටයුතු යොදා ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මෙම හේතුව ඇපල් සමාගම සැම්සුන්ග් සමාගම සමග තිබෙන contract එක ක්ෂනයෙන් බිද නොදැමෙනු ඇති අතර එමගින් iPhone සදහා වඩාත් සාධාරණ මිලක් ලැබෙනු ඇති.

"දෙවෙනි OLED displays නිර්මාණකරුවෙකු ඇපල් සමාගම සතු කරගැනීම ඔවුන්ට සැම්සුන්ග් සමාගම සමග තිබෙන බැදීම යම්තාක් දුරට ළිහිල් වීමට හේතු වනු ඇති. මෙමගින්ම වෙළදපලේ OLED display වලට ඇති නැඹුරුතාවය තව දුරටත් ඉහළ යනු ඇති. මේ සියල්ලෙන් OLED displays වල මිළ ගණන්ද පහත වැටෙනු ඇති."
-IHS සමාගමේ ජෙරී කැන්ග් පවසයි.

ඇපල් සමාගම මෙම වසරේ සැප්තැම්බර්හි ඔවුන්ගේ iPhone මාදිලි කිහිපයක් එලි දැමීමට නියමිතයි. ඒවායින් දෙකක් OLED display රැගෙන පැමිණෙනු ඇති.