Instagram Stories සඳහා soundtracks එකතු කිරීමේ පහසුකම එක් වෙයි

කතුවරයා
Kasun Jayarathna
Save කරන්න
Share කරන්න

    Music කියන්නේ අනිත් හැම දේකින්ම වෙනස් විදිහේ විශ්ව භාශාවක්. ඒ වගේම music හරහා හැඟීම් ප්‍රකාශ කරන්නත් අපිට පුළුවන්. ඉතින් Photo එකක් සමඟ ඒකට ගැලපෙනම විදිහේ music එකක් එකතු වුණාම එකේ තියන වටිනාකම කියලා නිම කරන්න බැහැ.

    ඔන්න Instagram වෙතින් දැන් Instagram stories සඳහා soundtracks එකතු කිරීමේ අවස්තාව ලබා දෙනවා. මේ පහසුකම හරහා ලොව පුරා ප්‍රසිද්ධ ගායක ගායිකාවන්ගේ ජනප්‍රියම ගීත ඔයාගේ instagram story එකේ background music එක විදිහට බාවිතා කරන්න ඔයාට පුළුවන් ‌‌‌වෙනවා.

    instagram-music-techie

    මේ පහසුකමට අමතරව මේ දවස් වල ගොඩක් ජනප්‍රිය app එකක් වෙන Musical.ly එකේ විදිහට video එකක් record කරන්න කලින් music එකක් හරි ගීතයක් හරි තෝරගෙන ඒ අනුව video එක record කරන්නත් Instagram එක හරහා ම දැන් අවස්ථාව ලැබෙනවා.

    instagram-music-video-techie

    ඔයාලාට මතක ඇති පසුගිය දිනක Instagram එකේ monthly users ලා ප්‍රමාණය බිලියනය ඉක්මවූ බව ඔවුන් ප්‍රකාශ කළා. ඉතින් ඔන්න දැන් වාර්ථා වෙන විදිහට දිනක් ඇතුලත මේ Instagram stories බාවිතා කරන අය මිලියන 400 ක් එයාලාට ඉන්නවා. මේ ප්‍රමාණය අනිකුත් මේ හා සමාන platforms වල stories පහසුකම සමඟ සසඳා බලන විට WhatsApp වලට පසු වැඩිම daily users ලා ප්‍රමාණයක් සිටින app එක බවට Instagram එක පත් වෙනවා.

    Instagram-Stories-400-Million-Daily-Users-Facebook-WhatsApp-Messenger-Snapchat

    ඉතින් මේ පහසුකම Android සහ iOS කියන platform දෙකටම මේ වෙනකොටත් ලබා දීලා තිබුණත් මෙය තාමත් බාවිතා කරන්නට හැකියාව ලැබෙන්නේ තෝරාගත් රටවල් කිහිපයක පමණයි. App එකට එකතු කරන soundtracks වෙනුවෙන් Instagram ආයතනය ලබා ගන්නා බලපත්‍ර අනුව මේ රටවල් වෙනස් වෙනවා. කොහොම නමුත් දිනපතාම අළුත් soundtracks එකතු කිරීමට මේ Instagram එක කටයුතු කරන බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.