AR එහෙමත් නැත්නම් Augmented reality කියන්නේ මේ දින වල ගොඩක් ලොකු මාතෘකාවක් වෙලා. මේ AR මත පදනම් වුණු games play කරන්නත් මේ දින වල හැමෝම වැඩි කැමැත්තක් දක්වනවා.

ඔන්න මේ කියන්න යන්නේ Google සමාගමේ Google Creative Lab එක විසින් නිකුත් කරන ලද ලොව පළමුවැනි cross-platform collaborative එහෙමත් නැත්නම් platform කිහිපයක් අතර users ලා කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් වැඩ කරන්න පුළුවන් ආකාරයේ mobile app එක ගැනයි. මේ app එකේ නම තමයි Just a Line කියන්නේ. ඒ වගේම මේක නිර්මාණය කරලා තියෙන්නේ හිස් අවකාශයේ Doodle අඳින්නයි.

මේ අවුරුද්දේ මාර්තු මාසයේ තමයි මේ app එක මුලින්ම Android වලට නිකුත් කරලා තියෙන්නේ. ඉතින් මේකෙන් අඳින ලද Doodles Instagram එකේ සහ Twitter එකේ ගොඩාක් ජනප්‍රිය වෙලා තියනවා. ඉතින් පසුගිය මැයි 30 වනදා මෙයාලා මේක iPhone වලටත් නිකුත් කරලා තියනවා. ඉතින් දැන් iPhone සහ Android කියන devices වලින් පුළුවන් යාළුවොත් එක්ක එකතු වෙලා එක doodle එකක් අඳින්න. අන්න ඒ විදිහට තමයි මේ app එක ලොව පළමුවැනි cross-platform collaborative mobile app එක බවට පත් වෙන්නේ.

just-a-line-demo-techie

මේක කරන්න නම් ඔයාට කරන්න තියෙන්නේ phones දෙක side-by-side තියලා connect කරන්න විතරයි. Connection එක successful වුණාම ඔයාට පුළුවන් ඔයාගේ screen එකෙන් යාළුවා අඳින doodle එක දකින්න, ඒ වගේම ඒකට සහභාගි වෙන්නත් ඔයාට පුළුවන්.

ඔයාලට මතක ඇති එහෙමත් නැත්නම් ඇහිලා ඇති Google ARCore කියලා දෙයක් ගැන පසුගිය Google I/O එකේදී ප්‍රකාශයට පත් කලා. අන්න ඒ ARCore එක භාවිතා කරලා තමයි මේ app එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ARCore එකට සහාය දක්වන ඕනෑම Android device එකක හෝ iPhone එකක මේ app එක භාවිතා කරන්නත් දැන් පුළුවන්.

ඒ වගේම ඔයා developer කෙනෙක් නම් ඔන්න මේ app එකේ source code එකත් මෙයාලා release කරලා තියනවා. මේ app එක පාදක කරගෙන වැඩිදියුණු කළ version එකක් නිර්මාණය කිරීමට හෝ මේ පිළිබඳ දැනුම එකතු කරගැනීමට මේක හොඳ අවස්ථාවක් වේවි.

Source: Google