ඇපල් සමාගමේ මෙම වර්ශයේ නිකුත්වීමට නියමිතව තිබෙන iPhone X Plus දුරකතනය පිලිබදව තොරතුරු රාශියක් පසුගියදා අන්තර්ජාලයට මුදාහැරුණා.

බැලූ බැල්මින් පසුගිය වර්ශයේ නිකුත් වූ iPhone X පෙනුම ගන්නා මෙය එහි ඇතුලත් වූ edge-to-edge display එක හා display එකට ඉහලින් පිහිටා තිබූ Face ID රැගත් notch එකද රැගෙන එනු ඇති. කෙසේ වෙතත් එහි තිබූ අගල් 5.8 විශාලත්වයෙන් යුක්ත වූ ඉදිරිපස screen එක අගල් 6.5 ක් දක්වා විශාල කර ඇත.

දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම දුරකතනයේ සම්පූර්ණ උස මිලිමීටර 157.5 වන අතර, පළල මිලිමීටර 77.4 ක් ද වේ. එය ගණකමින් මිලිමීටර 7.7 ක් ද වනු ඇති. මෙහි විශේෂත්වයක් වනුයේ පෙර වර්ශයේ එළිදැක්වූ iPhone 8 Plus හි මිණුම් වලට බොහෝ සමීපත්වයක් දැක්වීමයි (158.4mm x 78.1mm x 7.5mm). iPhone 8 Plus දුරකතනය edge-to-edge diplay එකක් රැගත් දුරකතනයක් නොවන අතර නිකුත්වීමට නියමිතව තිබෙන iPhone X Plus දුරකතනය iPhone 8 Plus හි විශාලත්වයම රැගෙන ඒ සමගම එම විශාලත්වයටම සමීපත්වයක් දක්වන විශාල edge-to-edge display එකක් රැගෙන එනු ඇති.

iPhone X Leaked Photo

පෙර වර්ශයේ නිකුත් වූ iPhone X දුරකතනයේ OLED තාක්ෂණය රැගත් display එක මෙහිදීද එලෙසින්ම දැකගත හැකි වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. ඒ පෙර තිබූ display resolution එකද pixel කීපයකින් ඉහළ දමමින්. iPhone X Plus හි display resolution එක iPhone X හි 1125 x 2436 අගය අභිබවා යමින් 1242 x 2688 දක්වා වැඩිදියුණු කොට ඇත.

නව දුරකතනයේ අඩංගුවන බැටරිය 3000mAh හෝ ඊට වඩා වැඩි වනු ඇති. පැරණි iPhone X දුරකතනයෙහි අඩංගු වූ බැටරිය 2716mAh වූ අතර එය iPhone X Plus මිළදී ගැනීමට මග බලා සිටින සැමට සුභ ආරංචියක් වනු නොඅනුමානයි.

iPhone X Leaked Photo

මීට අමතරව iPhone X Plus සමග තවත් දුරකතන දෙකක් එළිදක්වනු ඇති බවයි බොහෝදෙනාගේ අදහස. iPhone SE අනුකරණයට නවතම එක්කිරීමක් හා අඩුවියදම් LCD display එකක් රැගත් iPhone X අනුකරණයක් ඒ අතර වනු ඇති බව විද්වතුන් පවසයි.

තවත් මෙවැනි පුවත් රැසක් රැගෙන ඔබ හමුවට එන්නම්.