අළුත් ම වාර්තා වලට අනුව iPhone X එක සහ iPhone 8 එක තමයි 2018 වර්ෂයේ පළමු මාස කිහිපය තුළ වැඩියෙන් ම අලෙවි වුණු smartphone එක බවට පත් වෙලා තියෙන්නේ. මේ සමඟින් ඔන්න අලෙවිය අතින් ලෝකයේ හොඳම smartphone නිපදවන්නා බවට පත් වෙන්න ආයෙත් වතාවක් Apple සමාගමට පුළුවන් වෙලා තියනවා.

IHS Markit කියන්නේ ලොව පිළිගත් තොරතුරු සපන්නෙක්. ඉතින් මේ සමාගම කියන විදිහට මේ අවුරුද්දේ පළමු කොටසේ smartphone මිලියන 345.5 ක් පමණ විකුණලා තියනවා. ඒ අතරින් මිලියන 12.7 ක් පමණ iPhone X වීම විශේෂත්වයක්.

iphone-x-is-the-top-smartphone-in-2018-techie

කොහොම වුනත් මේ අලෙවි වාර්තා අතරින් අළුත් iPhone වැඩි ප්‍රමාණයක් විකුණන්න Apple සමාගමට හැකි වෙලා නම් නැහැ. iPhone X සහ iPhone 8 smartphone මිලියන 21.2 ක් මේ වසරේ අලෙවි කර තිබුනත්, ගිය අවුරුද්දේ එනම් 2017 වර්ෂයේ මේ කාලය වෙන කොට මීටත් වැඩි මට්ටමක අලෙවියක් වාර්තා කරලා තිබුණා. IHS Markit එකෙන් කියන විදිහට iPhone 7 සහ iPhone 7 Plus දුරකථන මිලියන 35.6 ක් ගිය වසරේ මේ කාලය වෙන විට අලෙවි කරන්න Apple සමාගමට හැකි වී තිබුණා.

පරණ iPhone උණු කැවුම් වගේ විකිණෙයි

ඉහත වාර්තා බලන විට පේනවා Apple සමාගම විසින් පරණ iPhone models තමයි වැඩියෙන් ම අලෙවි කරලා තියෙන්නේ. ඉතින් මේ 2018 වර්ෂයේ නිපදවන devices ගොඩක් වෙලාවට පරණ users ලා ව අළුත් iPhones ගන්න පොළඹවාවි කියලා තමයි අපට හිතන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ ම iPhone X සහ iPhone X Plus එකට අමතරව අපිට දරා ගන්න පුළුවන් මට්ටමේ මිල ගණන් යටතේ තවත් iPhone එකක් නිපදවන්නත් Apple සමාගම බලාපොරොත්තු වෙනවා.


මීළඟට වැඩියෙන් ම අලෙවි වුණු smartphone එක බවට පත් වෙලා තියෙන්නේ Samsung සමාගමට අයිති Galaxy Grand Prime Plus කියන phone එක. මේ model එකෙන් devices මිලියන 8.3ක් අලෙවි කරන්න මෙයාලා සමත් වෙලා තියනවා. පිළිවෙළින් iPhone 8 Plus devices මිලියන 8 ක් සහ Galaxy S9 Plus devices මිලියන 7.4 ක් වශයෙනුත් අලෙවි වී ඇති බව මේ වාර්තා වල සටහන් වෙනවා.

විශේෂයෙන් දකින්න පුළුවන් දෙයක් තමයි මෙවර Chinese companies වලට මුල් devices 10 අතරට පැමිණීමට නොහැකි වෙලා තියනවා. නමුත් වාර්තාගත ලෙස මේ වසරේ දී Chinese සමාගම් ඔවුන්ගේ market share එක ලෝකයේ විවිධ රටවල් අතර පතුරවන්න සමත් වුණු බවට ගොඩක් news මේ අවුරුද්දේ මුල් භාගයේ දී දකින්න ලැබුණා මතක ඇති. මේකට හේතුව වශයෙන් මේ සමීක්ෂණ ආයතනය දක්වන්නේ මේ Apple සහ Samsung සමාගම් වලට සාපේක්ෂව ප්‍රමාද වී ඔවුන්ගේ අළුත් smartphone models එළිදැක්වීම සිදු නිසා බවයි.

දැනට වාර්තා මේ ආකාරයෙන් සටහන් වුවත්, අපිට හරියටම වසරේ වැඩිම අලෙවියක් තිබුණු phone එක ගැන දැන ගන්න පුළුවන් වෙන්නේ වර්ෂ අවසානයේ දී සිදු කරන සමීක්ෂණයකින් තමයි.

Source: Softpedia