ඔන්න Mozilla එකෙන් එයාලගේ වෙබ් බ්‍රව්සර් එක වෙන Mozilla Firefox එකට Firefox Color සහ Side View කියලා අළුත්ම අළුත් features දෙකක් එකතු කරලා තියනවා.

Firefox Color

මේ අළුත් feature එකෙන් ඔයාට ඔයාගේ Firefox browser එකේ background texture එක, අකුරු, icons, සහ toolbar එක වගේ විවිධ තැන් වල පාට ඕන විදිහට වෙනස් කරගන්න අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම ඔයා මේ වෙනස්කම් කරන අතරතුරම මේ වෙනස්කම් දැකගන්නත් ඔයාට පුළුවන් නිසා හොඳින්ම ගැලපෙන ආකාරයට වර්ණ match කරන්න ඔයාට අවස්ථාව ලැබෙනවා.

මේ feature එකේ විශේෂත්වය තමයි, ඔයා මේ නිර්මාණය කරන color schemes ටික save කරලා, ඔයාට කාලෙන් කාලෙට එක එක ඒවා භාවිතා කරන්න පුළුවන් වෙන එක. ඒ වගේම මේ save කරගත්තු color schemes ටික ඔයාට යාළුවොත් එක්ක share කරගන්නත් අවස්ථාව ලැබෙනවා.

Firefox browser එකෙන් පහත link එක හරහා ගිහින් ඔයාට මේක උත්සාහ කරලා බලන්න පුළුවන්.

Side View

ඔයා web browse කරන වෙලාවට වෙබ්සයිට් දෙකක් compare කරලා එහෙමත් නැත්තම් සසඳලා බලන්න අවස්ථාවක් ආවොතින් මොනවද සාමාන්‍යයෙන් කරන්නේ? tab එකින් එකට මාරු වෙවී හෝ browser එක window දෙකකට වෙන්කරලා, size එක වෙනස් කරලා වෙනස්කම බලනවා නේද? ඔන්න මේ ප්‍රශ්ණයට උත්තරයක් දෙන්න තමයි මේ Side View කියන අළුත් feature එක හඳුන්වලා දීලා තියෙන්නේ.

මේ මගින් tabs කිහිපයක් එකම windows එකකදී බලන්න අපිට අවස්ථාව ලැබෙනවා. අපි Windows වල Split view වගේම Android වලදී Multitasking feature එක බාවිතා කරනවා වගේ Firefox වලදී අපිට Split View බාවිතා කරන්න පුළුවන්.

මීට අමතරව ඔයා මේ විදිහට compare කරන දේවල් ආපහු බලන්න ඕන වෙයි කියලා හිතෙනවා නම්, ඔයාට පුළුවන් මේවායේ history එක සටහන් වෙලා තියෙන ආකාරයට සැකසුම් කරන්න.


Firefox Test Pilot වැඩසටහන

මම කලින් කියපු features දෙකම Firefox එකට එකතු වෙන්නේ මෙයාලගේ Test Pilot කියන වැඩසටහන යටතේ. මේ Test Pilot කියන්නේ Windows වල Insider එකට සමාන වැඩසටහනක්. ඔයා මේකට join වුණොත්, අළුතින් එන Firefox එකේ වෙනස්කම් වලට උදව් කරන්න වගේම Firefox එකේ එන්න තියන features කලින්ම අත්හදා බලන්නත් ඔයාට පුළුවන්. ඒ වගේම ඒ features ගැන ඔයාගේ අදහස් කෙලින්ම Firefox team එකට කියන්නත් ඔයාට අවස්ථාව ලැබෙනවා.

මීට කලිනුත් මෙයාලා මේ වගේ අළුත්ම features කිහිපයක් අත්හදා බැළුවා. ඒවා නම් දැන් Forefox එකට එකතු වෙලත් තියනවා. මේ තියෙන්නේ ඒ වගේ කිහිපයක්.

ඉතින් ඔයත් කැමති නම් මේකට join වෙන්න, testpilot.firefox.com කියන වෙබ් අඩවිය හරහා ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්.

Source: Firefox