Apple සමාගමේ iPhone වෙනුවෙන් නිෂ්පාදනය කළ Sunny Peak යන code name එකෙන් හැඳින්වූ 5G modem එක 2020 වර්ශයේ නිෂ්පාදනය කිරීමට නියමිත iPhone සඳහා යොදාගැනීමට කටයුතු සූදානම් කර තිබුණත්, ඒ සඳහා අවශ්‍යය modem තවදුරටත් Intel සමාගම හරහා ලබා නොගැනීමට Apple සමාගම කටයුතු කර තිබෙන බව Intel සමාගමට නිළ වශයෙන් දන්වා තිබෙනවා.

මේ වෙනුවට 2022 වර්ශයේ නිකුත් කිරීමට නියමිත iPhone මාදිලි සඳහා වඩාත් ගුණාත්මක තත්ත්වයේ 5G modem එකක් නිෂ්පාදනය කිරීමට Intel සමාගම කටයුතු කරන බවත් වැඩි දුරටත් දැනගන්න ලැබෙනවා.

කෙසේ වෙතත් මේ Intel සමාගමේ නිෂ්පාදිත modem බාවිතා නොකරන්නේ නම් මේ සඳහා තෝරාගන්නා වෙනත් නිෂ්පාදකයෙකු ගැන තාමත් විස්තරයක් දැනගැනීමට නැතත්, මීට ටික දිනකට පෙර bloomberg වෙබ් අඩවියෙහි දැක්වූ පරිදි බොහෝ විට MediaTek සමඟින් මේ ගනුදෙණුව සිදු කිරීමට අවස්ථාව තිබෙනවා.

එමෙන්ම Apple සමාගමේ Mac products වලින් ද මෙලෙස Intel සමාගම විසින් නිපදවීමට නියමිත chips ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇති බවට තවත් කටකතාවක් පසුගිය දිනක පැතිර ගියා.