Apple iPhone SE යනු යම්තාක් දුරකට කුඩා, අඩු මිලකට ලබා ගත හැකි දුරකථන මාදිලියක් වන නමුත් Apple සමාගම ඔවුන්ගේ නවතම iPhone SE මාදිලිය වන iPhone SE 3 (2022) දුරකථන මාදිලිය සාධාරණ මිලකට ලබාගත හැකි ලෙස වැඩි දියුණු කිරීම් රාශියක් සිදු කර තිබෙනවා.

නවතම iPhone SE 3 (2022) දුරකථන මාදිලිය, iPhone 13 දුරකථන මාදිලි පෙළ බලගන්වන A15 Bionic chipset එකෙන් සමන්විත වනවා. එමෙන්ම Flagship Devices වල මෙන් 5G Connectivity සහායද නවතම iPhone SE මාදිලිය වෙත ලබා දීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

මෙයට Aluminum mid-frame එකක්ද glass front එකක් වගේම glass back එකක්ද ලැබී තිබෙනවා. iPhone 13 දුරකථන මාදිලි පෙළ සඳහා යොදා ගත් Glasses නවතම iPhone SE මාදිලිය වෙත ලබා දීමට කටයුතු කිරීම මෙහිදී දක්නට ලැබෙන එක් විශේෂත්වයකි. කෙසේ වෙතත් iPhone SE පළමු පරම්පරාවේ දුරකථන වල ලෙසම 4.7 inches Display එකකින් මෙවරද iPhone SE 3 (2022) දුරකථන මාදිලිය සමන්විත වන අතර මෙය Red, Midnight සහ Starlight යන වර්ණ ත්‍රිත්වය යටතේ එළිදැක්වීම සිදු කර තිබුණා.

iPhone SE 3 (2022) දුරකථන මාදිලියට 1.8 Aperture එකක් සමඟින් 12-megapixel Main Camera එකක් හිමිව තිබුණද, A15 Bionic chipset එක හරහා iPhone 13 දුරකථන මාදිලි පෙළෙහි ඇති බොහෝ Camera Features අත්විඳීමේ හැකියාව ලැබී තිබෙනවා. එමෙන්ම Quad-LED dual-tone flash, HDR, panorama ඇතුළු විශේෂාංග ගණනාවක් මේ සමඟින් ඇතුළත් වී තිබෙනවා.

MagSafe නොමැති වුවද Qi wireless charging සහ 18W Fast charging සහාය ඇති Li-Ion battery එකකින් සමන්විත iPhone SE 3 (2022) දුරකථන මාදිලියේ Battery Life එක වැඩි දියුණු කර ගැනීමට A15 Chipset එක සමත්වී තිබෙනවා. Water resistance පහසුකම සමඟින් IP67 rating ඇති මෙම දුරකථන මාදිලිය iOS 15.3 සමඟින් ක්‍රියා කරන නමුත් මේ සඳහා තවමත් FaceID පහසුක ලබා දී නොමැත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Apple News Room වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.