Apple සමාගම විසින් ඔවුන්ගේ මීළඟ Apple event එක පිළිබඳව නිළ වශයෙන් නිවේදනය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව මාර්තු 8 වැනිදා "Peek Performance" tagline එක යටතේ මීළඟ Apple Event එක Virtual ආකාරයට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

Apple Event
Watch the latest Apple keynote stream, and check out the archive of special event announcements for our products and services.

Apple සමාගමේ Senior Vice President කෙනෙකු වන Greg Joswiak මහතා විසින් Twitter සටහනක් තබමින් මෙම Apple event පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. ඔහු පළ කළ Twitter සටහනේ ඇතුළත් වීඩියෝව මඟින් මීළඟට Apple සමාගම විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත Devices වලට අදාළ නව වර්ණ පිළිබඳව ඉඟි පළ වී තිබෙනවා.

Apple හා සම්බන්ධ leaks සහ විශේෂාංග පිළිබඳව විශ්වාසදායක මූලාශ්‍රයක් වන Bloomberg වාර්තාකරු Mark Gurman ට අනුව මීළඟ Apple Event එක තුළදී Apple සමාගම විසින් අඩු මිලට iPhone SE නිවේදනය කරනු ඇතැයි අනුමාන කර තිබෙනවා. එමෙන්ම Apple සමාගමේ නවතම Apple Device එක, 5G Connectivity තාක්ෂණය, වේගවත් A15 CPU chip එක පිළිබඳව වගේම ඉතාමත් උසස් Camera System එකක් පිළිබඳවද මෙම Event එක තුළඳී Apple සමාගම විසින් නිවේදනය කරනු ඇතැයි Gurman අනුමාන කර තිබෙනවා.

කෙසේ වෙතත් ලොව පුරා නැවතත් හිස ඔසවන Covid-19 වසංගත තත්වය හේතුවෙන් මෙවරද, මෙම Event එක virtual event එකක් අකාරයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර මෙහි සජීව විකාශනය, Apple නිළ YouTube නාළිකාව, Apple වෙබ් අඩවිය සහ Apple TV හරහා නැරඹීමේ හැකියාව ලැබෙනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Macrumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.