Apple සමාගම විසින් මෑතකදී උපාංග කිහිපයක් සඳහා iOS 15 හි පළමු developer beta update එක ලබාදීමට කටයුතු කළ අතර ඒ සමඟ නව විශේෂාංග සහ වෙනස්කම් රාශියක් ලබාදීමට ඔවුන් කටයුතු කර තිබුණා.

ඒ අතර, visual upgrades කිහිපයක් මෙන්ම, සැලකිය යුතු මට්ටමේ FaceTime improvements, iMessage සඳහා නව sharing options, redesign කරන ලද notifications ඇතුළුව තවත් බොහෝ දේ ඇතුළත් වූ අතර Apple සමාගම ඔවුන්ගේ WWDC 2021 keynote එක අතරතුර මෙම නව විශේෂාංග බොහොමයක් පිළිබඳව සාකච්ඡා කිරීමටද කටයුතු කරනු ලැබුවා.

WWDC 2021 event එක අතරතුර Apple සමාගම විසින් iOS, iPadOS, watchOS සහ macOS වලට එකතු වන අලුත්ම පහසුකම් හඳුන්වාදීමට කටයුතු කරයි
Apple සමාගම විසින් ඔවුන්ගේ WWDC 2021 event එක පසුගිය ජුනි 7 වැනි දින පැවැත්වීමටකටයුතු කළ අතර, මේ පිළිබඳව අපි ඔබව මීට පෙර දැනුම්දුන්නා මතක ඇති. Apple WWDC 21 event එක පැවැත්වීමට නියමිත දිනයන් නිළ වශයෙන් නිවේදනය කිරීමට Appleසමාගම කටයුතු කරයිApple සමාගම විසින් ඔවුන්ගේ Worldwide Developers Conference…

කෙසේ නමුත්, Apple සමාගම විසින් මෙම අවස්ථාව තුළ ඇතැම් විශේෂාංග පිළිබඳව ඉස්මතු කර නොමැති අතර iOS 15 සමඟ පැමිණෙන සියලුම නව විශේෂාංගයන් ඉස්මතු කරමින් Apple සමාගම විසින් පළ කර ඇති blog සටහනෙහි දැක්වෙන්නේ iOS 15 තුළ built-in authenticator එකක් ඇති බවත්, එමඟින් iPhone පරිශීලකයින්ට Google Authenticator සහ Authy වැනි තෙවන පාර්ශවීය විකල්පයන් ඉවත් කිරීමට ඉඩ ලබා දෙන බවත්ය.

iOS 15 Preview - Features
Preview the latest features, enhancements, app updates and more in iOS 15 for iPhone.

මෙම විශේෂාංගය iOS Settings app එකෙහි Passwords section එකෙහි දැකගැනීමට හැකිවන අතර එහි දැක්වෙන set up verification code යන option එකට ගොස් Setup key එක ඇතුළත් කිරීම මගින් හෝ QR code එක scan කිරීම මගින් two-factor authentication set up කරගැනීමට හැකියාව තිබෙනවා.

iOS 15 හි පළමු developer beta release එකෙහි මෙම විශේෂාංගය දැගගැනීමට හැකි ආකාරය

Verification codes set up කරගත් පසුව, ඔබ වෙබ් අඩවියට හෝ app එකට sign in වූ විට ඔබගේ iPhone verification codes autofill කිරීමටද මෙම විශේෂාංගයට හැකියාව තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ macrumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.