YouTube සමාගම විසින් මේ වන විට YouTube shorts නිර්මාණකරුවන් හට මුදල් ඉපයිය හැකි shopping පහසුකමක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්ථා වෙනවා.

ඒ TikTok සඳහා ද අභියෝගයක් එල්ල කරමින් වන අතර මින් පෙර ද TikTok සමාගම විසින් මෙවැනිම shopping පහසුකමක් තම පරිශීලකයින් හට හඳුන්වා දීමට කටයුතු කළ බවට අප පසුගිය දිනක ලිපියකින් ඔබව දැනුවත් කලා මතක ඇති.

TikTok සඳහා නව in-app eCommerce shopping පහසුකමක් හඳුන්වාදීමට කටයුතු කරයි
මෑතකාලීනව ගෝලීය වශයෙන් E-commerce සඳහා පැවති වෙළෙදපොළ ඉල්ලුම සහ ඇති වු සීඝ්‍ර වර්ධනය පදනම් කරගනිමින් ලෝකයේ විවිධ වර්ගයේ ව්‍යාපාර රැසක් අද වන විට මේ

කෙසේ වෙතත් මේ වනවිට මෙම පහසුකම ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන YouTube shorts content නිර්මාණකරුවන් වෙත ලබා දෙමින් අත්හදා බැලිම් සිඳු කරන අතර මේ සඳහා සුදුසුකම් ලබන නිර්මාණකරුවන් සඳහා ඔවුන්ගේම වෙළඳසැල් වල නිෂ්පාදන tag කිරීමේ හැකියාව ලබාදීමට YouTube සමාගම කටයුතු කරමින් සිටිනවා.

ඒ අනුව එක්සත් ජනපදය, බ්‍රසීලය, කැනඩාව, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් වල ජිවත් වන YouTube පරිශීලකයන් සඳහා නිෂ්පාදන tag කිරීමට සහ YouTube Shorts app එක හරහා shopping කිරීමේ හැකියාව ලබාදීමට ද එම සමාගම කටයුතු කරමින් සිටිනවා.

මෙම විශේෂාංගය තවමත් ඉතා සුළු නිර්මාණකරුවන් පිරිසක් සමඟින් අත්හදා බලමින් සිටින අතර ඉදිරියේ දී තවත් රටවල් සහ කලාප වෙත මෙම විශේෂාංගය ලබාදීමට YouTube සමාගම බලාපොරොත්තු වෙන බවට තොරතුරු වාර්ථා වේ.

මීට අමතරව ඔවුන් විසින් එක්සත් ජනපදය මුලික කරගෙන affiliate program එකක් හඳුන්වාදීමට ද කටයුතු කරමින් සිටින අතර ඒ හරහා shorts නිර්මාණකරුවන් හට ඔවුන්ගේ shorts සහ regular විඩියෝ තුළින් විකුණු products තුළින් කොමිස් මුදල් උපයා ගත හැකි පහසුකමක් ද ඉදිරි වසර තුළ හඳුන්වා දීමට YouTube සමාගම කටයුතු කරන බවට විදෙස් පුවත්පත් වාර්ථා කරනවා.

YouTube
Enjoy the videos and music that you love, upload original content and share it all with friends, family and the world on YouTube.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.