Instagram ආයතනය විසින් වසර ගණනාවකට පසුව Instagram හි home screen එකට Reels සහ Shop tabs එකතු කරමින් home screen එක redesign කිරීමට කටයුතු කර තිබෙනවා.

Redesign කළ bottom bar එක

මෙලෙස bottom bar එකට අලුතින් එකතු වන Reels tab එක හරහා පරිශීලකයන් හට Tik Tok වල මෙන් shortform videos නැරඹීමට හැකියාව ලැබෙන අතර Shop tab එක හරහා personalized recommendations, @shop channel එක විසින් තෝරාගන්නා ලද content, shoppable videos සහ නව product collections ආදිය දැකගැනීමට හැකියාව ලැබෙන බව වාර්තා වෙනවා.

Left: Old app design | Right: New design and bottom bar

එමෙන්ම, මීට පෙර bottom bar එකෙහි තිබූ Likes tab එක සහ Create tab එක ඉහළට ගෙන ගොස් තිබෙන ආකාරය දැකගැනීමට හැකියාව ලැබෙන අතර නව bottom bar එක සහ redesign කරන ලද home screen එක server side update එකක් හරහා ක්‍රියාත්මක වන බව පෙනෙන බැවින් එය සියලුම Instagram පරිශීලකයන් සඳහා ලබාදීමට යම් කාලයක් ගතවීමට හැකියාව තිබෙනවා.

එමෙන්ම, ඇතැම් පරිශීලකයන් සඳහා නව Shop සහ Reels buttons නොමැතිව bolder icons පමණක් දැකගැනීමට හැකියාව පවතින බව වාර්තා වන බැවින් මෙම rollout එක updates දෙකකින් සමන්විත බවද දැකගැනීමට හැකියාව තිබෙනවා.

Instagram - Apps on Google Play
Bringing you closer to the people and things you love. — Instagram from Facebook Connect with friends, share what you’re up to, or see what’s new from others all over the world. Explore our community where you can feel free to be yourself and share everything from your daily moments to life’s highl…
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Instagram blog අඩවිය, The Verge වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.